මුඅම්මර් ගඩාපිගේ හා ඔහුගේ ගජමිතුරන්ගේ බටහිර රටවල් වල ආයෝජනය කරලා තිබුන ධනය 2011 වසරේදී ගල් කරන විට එලියට ආපු ගණන් වලින් සමහරක් මෙසේයි. ඇමෙරිකාවේ ඩොලර් බිලියන 30 ක වත්කම්, කැනඩාවේ බිලියන 2.4 යි, ඕස්ට්‍රියාවේ ඩොලර් බිලියන 1.7 යි, එක්සත් රාජධානියේ බිලියන එකයි. හැබැයි කියවෙන්නේ මේ සුවල්පයක් පමණයි. මේ හා තවත් රටවල් වල ආයෝජනය කර ඇති නියම ගණන බිලියන 80 ක් විතර වෙන්නත් ඉඩ තියනවා කියල කියනවා.
සිරියාවේ බෂාර් අල් අසාද් ගේ ගජමිතුරන් ගේ ඇත්ත වටිනාකම කිසිවෙකු දන්නෙත් නැහැ. සිරියා ආණ්ඩුවේ හා රටේ සමාගම් වල ඉහල තනතුරු සියල්ල තියෙන්නේ ගජමිතුරන් අතේ කියලයි කියන්නේ. මෙයත් තාත්තාගෙන් පුතාට ආපු පාලනයක් නේ. පරම්පරා ගණනක් ගොඩ ගහපුවා නැති වෙන්න විදිහක් නැහැ.
අර ඊජිප්තුවේ පන්නපු මුබාරක්ගේ ගජමිතුරු පාලනය මෙයිට දෙවෙනි නැහැ. ඇමෙරිකානු ආශීර්වාදය සමග ගිය මේ පාලනය කෙළවර වුනේ අවුරුදු 30 කට පස්සේ. කොල්ල කාපු ධනය ඩොලර් බිලියන 70 ක් හෝ එයිට වැඩිවෙන්න ඉඩ තිබෙනවා කියල මා දැක්කා.
ඒ කාලයේම පන්නපු අලි අබ්දුල්ල සලේ කියන්නේ යේමනයේ හිටපු ඒකාධිපතියා. අවුරුදු 30 ක පාලනයෙන් ඔහුගේ මල්ලේ ඩොලර් බිලියන 32 ක් තියනවා කියල කියනවා.
ටියුනිසියාවේ හිටපු ශින් අල් අබිඩින් බෙන් අලි, රටේ ජනතාව කන්න නැතුව ඉන්න අතරේ යටි මඩි ගහගත්ත ධනස්කධය බිලියන 7 ක්. මෙයාගේ බිරිඳ රටින් පැන්නේ මිලියන 37 ක් වටින රන් පොලු (රන් පොලු වෙන කතාවකුත් මගේ මතකයට ආව) එක්ක කියලයි කියන්නේ.
සිම්බාබ්වේ රොබර්ට් මුගාබේත් නරකම නැහැ. රටේ තියන දියමන්ති ආකාර වලට පින් සිදු වෙන්න, ඔහුත් ඩොලර් බිලියන 5-10 ක් අතර ගානක් වටිනවා කියල ගණන් බලා තියනවා.
සමකගිනි (The Republic of Equatorial Guinea) රාජ්‍යයේ ජනාධිපති ටිඔදොරෝ ඔබීඔන්ග් එන්ග්වේම එම්බසෝගෝ ඔබිඅන්ග් බසොගෝ (tay-oh-DO-ro OH-bee-ong eng-GWAY-muh em-bah-SOH-go) බලය ඇල්ලුවේ 1979 දී. මෙයාගේ “වටිනාකම” ඩොලර් බිලියන එකකටා වැඩියි කියනවා. දැන් පුතා තාත්තගේ අඩිපාරේ යනවා. එයා ජෝගි නටන අතරේ තෙල් සම්පත් තියන මේ මධ්‍යම අප්‍රිකානු රටේ බහුතරයක් ජිවත් වෙන්නේ දිනකට ඩොලරයක අඩු ආදායමෙන්.
මේ ලිස්ට් එක තවත් ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඉහත රටවල් සියල්ලම සම්පත් (තෙල් හෝ වෙනත්) බහුල ඒවා. එම සම්පත් වලින් යටිමඩි ගැහීම් වලින් තමා ගොඩක් ධනය රැස් කරලා තියන වග පැවසෙන්නේ (සම්පත් බහුල නැති රටවල් වල පවා ඒකාධිපතියන් සල්ලි හොයන ක්‍රම සහ විධි හොයාගෙන තියනවා).
මේ සියල්ලන් සමගම විවිධ වකවානු වල බටහිර රටවල් ගනු-දෙනු කෙරුවා. ගඩාපිව පන්නන මොහොත වනවිටත් ඔහුගේ පාලනය සමග බටහිර රටවල් ගනුදෙනු කරමින් හිටපු අයුරු එලියට ආව. අනෙක් අයත් සමගත් එසේමයි.
ඉහත පාලකයන් ඒකාධිපතියන්. සමහරවිට මැතිවරණ තිබ්බත් ඒවා තනි අශ්වයාගේ රේස්. නිකම් පොත ලකුණු කරන්න තියන ඒවා. සමහරුන් නං එහෙම කරන්නට පවා වෙහෙසෙන්නේ නැහැ. මිලිටරි කෘමන්ත්‍රණ වලින් තමා මෙයාල ගොඩක් දෙනා බලයට ආවේ. හැබැයි මැතිවරණ තිබ්බත්, වෙනසක් වෙන්න ඉඩ තිබුනද කියන එක අපට unknown-unknown දෙයක්. එහෙම සැක සංකා උපදවන්නේ, සමහර රටවල් “ප්‍රජාතන්ත්‍රවාදය” යටතේම ඇවිත් තියන ගමන නිසා.
තවත් ප්‍රධාන පොදු සාධකයක් තමා මෙයාලගේ පුතුන් ජෝගි නැටීම. ගඩාපි, සදාම්, ටියෝදොරෝ යනාදින්ගේ පුතුන් නටපු නාඩගම් ප්‍රසිද්දයි.
අනෙක තමා මෙයාල සමහරුන්ගේ බිරියන් ගේ ජීවිකාව. ඒවාත් අති සුඛෝපභෝගී ජිවිත. සමහරුන්ගේ පටන් ගැන්ම හරිම සරලයි. පිලිපීන ඒකාධිපති මාකෝස් ගේ බිරිඳ ඉමෙල්ඩාගේ පසු කාලීන වාර්තා වැඩසටනක් මා නැරඹුවා. ඇය බුද්ධිමත් කාන්තාවක්. කලාව ගැන ඇගේ අදහස් අගය කරන්න පුළුවන්. ඇය මුල් කාලයේ රූප සුන්දරියක් වගේම, ගීත ගායනය ගැනත් පුහුණුව ලබා තියනවා.
මුගාබේ නම් විමුක්ති නායකයෙක්. ඔහුගේ මුල් කාලය හරිම විචිත්‍රවත්. මට දකුණු අප්‍රිකානුවෙක් කියුවේ, ඒ ජනප්‍රියත්වය අද පවා, සිම්බාබ්වේ ගම් වල තියනවා කියා. ඔහු චෞර රජෙක් වුවත්, ජන කැමැත්ත නැත්තටම නැති වෙලා නැහැ. ජනාධිපති වරණයේදී පොඩි ජිල්-මාර්ට් වලින් ගොඩ යන්න පුළුවන් කියා තමයි එයා කියුවේ.
ළමා කාලයේදී ඔහු මෙවැනි “ඒකාධිපතියෙක්” වෙනවා තියා පොලිටිශියන් කෙනෙකු වන ලක්ෂණ පෙන්නුම් කර නැහැ. මේ බලන්න විකිපීඩියා පිටුවෙන් ගත්ත එක ඡේදයක්: “….Mugabe was raised as a Roman Catholic, studying in Marist Brothers and Jesuit schools, including the exclusive Kutama College, headed by an Irish priest, Father Jerome O’Hea, who took him under his wing. Through his youth, Mugabe was never socially popular nor physically active and spent most of his time with the priests or his mother when he was not reading in the school’s libraries. He was described as never playing with other children but enjoying his own company.[14] According to his brother Donato his only friends were his books…”
ඒ විතරක් නොවේ, ඔහු පිනාචාර්ය කෙනෙක් නොවේ. වෙන අය විභාග වලට ලියුව කතා හෝ “විශේෂ පහසුකම්” ලබපු කතා අහන්නට නැහැ. නීතිය පිළිබද උපාධි දෙකක් අවසන් කර තිබෙන්නේ, සීත කාමර වල ඉඳන් නොවේ. සිර මැදිරියේ ඉඳන්. කලා උපාධියකින් පටන් ගත්තු ඔහුගේ තෘතිය අධ්‍යාපනය අවසන් කර තිබෙන්නේ විද්‍යාවේදී උපාධියකින්. හැමටම ආදර්ශයක් ගන්න පුළුවන් විදිහේ උත්සහයක්, සමත් කමක් දක්වා තියනවා. මෙන්න ඒ ගැන කියන විකිපීඩියා කොටස: “…. He qualified as a teacher, but left to study at Fort Hare in South Africa graduating in 1951, while meeting contemporaries such as Julius Nyerere, Herbert Chitepo, Robert Sobukwe and Kenneth Kaunda. He then studied at Salisbury (1953), Gwelo (1954), and Tanzania (1955–1957). Originally graduating with a Bachelor of Arts degree from the University of Fort Hare in 1951, Mugabe subsequently earned six further degrees through distance learning including a Bachelor of Administration and Bachelor of Education from the University of South Africa and a Bachelor of Science, Bachelor of Laws, Master of Science, and Master of Laws, all from the University of London External Programme.[17] The two Law degrees were earned while he was in prison, the Master of Science degree earned during his premiership of Zimbabwe>…”
මා හිතන්නේ දැනට අනූ වියේ ඉන්න මුගාබේ මිය යනවා ඇත්තෙත් ජනාධිපතිකමේ ඉඳන්.
ඒ වගේම, පොත් වලින්/අන්තරජාලයෙන් කියවා තේරුම් ගන්න බැරි දේවල් ලෝකයේ තියනවා කියලා මා හැම විටම හිතන දෙයක්.
මුලාශ්‍ර
http://en.wikipedia.org/wiki/List_of_heads_of_government_and_state_by_net_worth
http://en.wikipedia.org/wiki/Mugabe
http://www.futurescopes.com/wealthy-dating/9159/10-richest-dictators-all-time
http://www.investopedia.com/financial-edge/0912/8-of-the-richest-dictators-in-history.aspx
සහ තවත් වෙබ් අඩවි.