Tag Archives: සංවත්සර

තවත් සඳුදාවක් (විතරද?)!


මා  කලින් ලියා ඇති පසුගිය වසර කියන්නේ, මගේ ජිවිතයේ රිමාකබල්  වසරක්. එය මගේ හා මගේ ප්රියම්භිකාවගේ ජිවන විලාසිතා තෝරා ගැනීම්  වල තියන “සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයත්” අපට පෙන්වා දුන්න. මේවා මනින මාකින් ස්කීම් එක හදල තියෙන්නේ අපම නිසා, පිටින් බලන කෙනෙකුට, අපගේ නිර්නායක වලට වඩා වෙනස්ව දකින්නත් පුළුවන්. අවුල් ද? නැහැ අවුල් නම් මේ විදිහට ජිවත් වෙන්නේ නැහැ.

මගේ බ්ලොගය කියන්නේ මගේ ජීවිතය ගැන කියවීමක්. මෙය ලියන විට තියන සීමා මායිම් නිසා මට ඇත්තටම අවශ්‍ය ආකාරයට මෙය ලියවෙන්නේ නැති එක මටත් කණගාටුවට කරුණක්.

එහෙම නොකියන දෙයක් ගැන කියුවොත්, ඊයේ රෑ  මන් සිංගල් මෝල්ට් බාගයක් ඉවර කෙරුවේ තනිවම. අද වැඩට යන දිනයක්. උදේ නැගිටින විටත් ශරීරයේ තියන ඉතුරු වීම්  ගැන අවබෝදයක් ගන්න හැකියාව තිබුණ. ඒ විතරක් නොවේ අද වැඩ කරන තැන බිසී දිනයක්. ඒ කිසිවක් මා මග හැරියේ නම් නැහැ.

පසුගිය දශකය තුල මිනිසෙකු ලෙස මා වඩාත් යහපත් තේරීම් කරා යොමු වුණා  යයි සිතනවා. ගොඩක් දුර්ගුණ වලින් මා අයින් වුනාට අමතරව, වඩාත් හිතකර යයි මා තේරුම් ගත්ත දේවල් වැළඳ ගත්ත. එය දීර්ග කාලීන  ක්‍රියාවලියක්. මත්පැන් යනු ජිවිතයෙන් ඉවත් කළ  යුතු තවත් දෙයක්. ඉතා කුඩා ප්‍රයෝජන තියනවා යයි සමහර පර්යේෂණ පෙන්නුම් කළත්, එහි අයහපත් පැති  ගොඩක් වැඩියි.

අයහපත් ජිවින විලාසිතා සමග මුළු දිවියම ගත කර, පසුව අමාරුවේ වැටුන විට මහජන ආධාර පැතීම මා නම් සලකන දෙයක් නොවේ. මොන සමාජ සේවා කර තිබුණත්, කළා කෘති බිහි කෙරුවා යයි කියුවත් මෙවැනි අය  වෙනුවෙන් පොදු අරමුදල් යොදන්න වුවමනා නැහැ. ඔය කියන මිනිසුන් ඔතරම් ලෝකය ගැන දන්නවා නම්, කලින් ඒ තත්ත්ව ගැන කල්පනා කරආන්න තිබුනා නේද?

මා කලින් සටහනක පොඩි පත්තර කෑල්ලක පොටෝ එකක් දමල ඇති. එහි තියෙන්නේ නවසීලන්ත මිනිසෙකු අධික ස්ථුල තාවයට ඇවිත්, බඩවැල  කුඩා කර ගැනීමේ සැත්කමට, මහජන මුදල් ඉල්ලා, උපවාසයක් කරපු පුවතක්. ඇත්තට එවැනි දෘඩ අධිෂ්ඨානයක්, එයින් ගොඩ එන අනිකුත් මං සඳහා යොදවන්න ඒ මිනිහාට බැරි වීම සරදමක් නොවේද?

ජනගහනයෙන් 65% ක් පමණ ස්ථුල යයි කියන පළමු ලෝකයේ සමාජ, පෘථිවියේ පැවැත්මට තර්ජනයක්. මේ අයට  ඒවායින් ගොඩ එන්න මහජන මුදල් දමනවා කියන්නේ, තමන්ම වියදම් කර ගැනීම ම තමා. මොකද අනික් 35% දමන මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

අයහපත් යයි වැටහෙන ජිවන විලාසිතා වලින් අයින් වීම අප ජිවිත කාලය තුලම නොකඩවා කරන්න අවශ්‍ය දෙයක්. මා පසුකාලීනව තෝරා ගත්තු ඒවා අතර තියන එක දෙයක් තමා මට ආදරය කරන මිනිසුන් ව වඩාත් අප්රිශියෙට් කිරීම. එහෙම අය  මේ ලෝකේ ගොඩක් නැහැ. හැබැයි ඉන්න ටික දෙනා වත් හිතේ තියා ගැනීම හරිම වටින දෙයක්.

මේ සටහන  කැටගොරියකට දමන්න බැහැ. හරියට මගේ ජීවිතය වගේ. මා අනුන් ජිවත් වන්නේ කොහොමද බලා කිසිදා ජිවත් වෙලා නැහැ (මට ඒ හැකියාව ලැබුන පසු).

 

 

 

3 Comments

Filed under Uncategorized