Tag Archives: සතුට

Canberra chilli eating competition, මිරිස් කෑමේ වීරයා තෝරමු?


මිරිස් ගැන මා ඕනෙවට වඩා ලියා තියනවා. ඇත්තටම මා මිරිස් ඕනෙවට වඩා වවනවා කියල හැඟුනේ, මේවා වවනවා මිසක් කන්නේ නැති වග මතක් වූ නිසා. ගොඩක් වෙලාවට බෙදලත් ඉතිරි වන අතිරික්තය සමහර විට විසි කරනවා. හරියට  ලංකාවේ ගොවීන්  මහජන මුදලින් සහනාධාර ලෙස දෙන පොහොර ගහල, එකම දේ වගා කර, විකුනන්න බැරියෝ කියල පාරට ගෙනත් දමනවා වගේ තමා.

ඔය අල්ලපනල්ලේ, මට සුද්දෙකුත් මිරිස් ගොඩක් ගෙනත් දුන්න. පොර ගේ “තියරියක්” තියනවා. එනම්, කැප්සයිසින් වලින් අපේ සේරොටෝනින් හෝමෝන උත්පාදනය වැඩි වෙනවා කියල. මා මිනිහත් එක්ක විහිළුවට ඔය කතාව ඇදල  ගන්නවා.

මා කියන්නේ උඹේ තියරිය බොරුවක්, මොකද ඔය තරම් සතුටින් ඉන්න මිනිසුන් ඉන්දියාවේ හෝ ලංකාවේ නැහැ කියල. මිනිහට එයටත් පිළිතුරක් තියනවා. යුරෝපයේ ඉතාලියේ ග්‍රීසියේ මිරිස් කන මිනිසුන් සතුටින් ඉන්නවා කියා. අපත් සතුටින් නේද ඉන්නේ?

ඊයේ අපේ ශීතකරණයේ දමල තිබුණ  මිනිහ දුන්න මිරිස්  නරක් වෙලා විසි කෙරුවා. මා මේ පාර  වවපු මිරින් වලින් කඩපු  අස්වැන්නෙන් භාගයක් මා අල්ලපු වත්තේ සුද්දට දුන්න. මේවා දමල උයන එකට ගෙදර කට්ටිය ඇලර්ජි නිසා, මා එව්වා ඉවීමට භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම මගේ මිරිස් කෑම  දැන් අවමයි.

මා කඩපු  මිරිස් ටිකක් මා වැඩකරන තැන ලතින් ඇමෙරිකානු ඔරිජින් එකක් සහිත කෙනෙකුට ගිහින් දුන්නම, මිනිහා මට වට්ටක්ක දෙන්නම් කියා යෝජනා කෙරුව. මටත් වට්ටක්ක තිබුණත්, වෙනස් වර්ග නිසා, හරි ගෙනත් දෙන්න කියා කියුව.

ඔය කතාව  වෙලා දින කිහිපයකට පසුව, මගේ මෙසේ උඩ  තිබුණ  වට්ටක්ක ගෙඩි දෙකට ස්තුති කර යැවුවහම, මිනිහා එවපු පිළිතුරේ මෙන්න මෙහෙමත් තිබුණා;  I slice them up and cook them in the oven until crisp with a bit of salt, pepper and olive oil. I hope you enjoy them. මේකට පිළිතුරක් ලෙස, මගේ වට්ටක්ක හොද්දේ රෙසිපිය මා යැවුවහම, හරි මා එයත් හදා බලන්නම් කියා මිනිහ කියා ඒවා තිබුණ.

ඇත්තටම වට්ටක්ක අර කියුව විදිහට උදුනේ පුළුස්සල ගත්තහම තමා නියම රහ. මිනිහ කියන්න කලිනුත් අප එය කරනවා. ලංකාව වැනි විදුලි බිල අධික රටවල් වල මෙය එතරම් උචිත ක්‍රමයක් නොවන්න පුළුවන්. හැම දෙයක්ම පරිසරයේ හැටියට තමා.

එය නොවේ මගේ ප්‍රශ්ණය, මිරිස් කන ඔබ සතුටින්ද?

http://www.canberratimes.com.au/act-news/chili-eating-competition-a-dead-heat-20160709-gq246n.html

Advertisements

16 Comments

Filed under Opinion