Tag Archives: සිතිවිලි

ගිම්හානය ලඟයි!


img_0615

අගෝස්තු 2016

ඊයේ හවස වැඩ ඇරෙන්න කිට්ටුව දෙතුන් දෙනෙකු, වරෙන් සතුටු පැයටත් ඉඳල යන්න කියා කතා කෙරුවත්, මා  ඉන්නේ නැතිව ගෙදර ආව. පසුගිය කාලයේ  සීතල,  ඊයේ එක වරම අන්තර්ධාන වූවා  වගේ. අංශක විස්සට පහල ගැවසෙමින් තිබුන උෂ්ණත්වය එකවරම අංශක තිහට (සෙන්ට්‍රිගේඩ්)  ගියා. එවැනි දිනක බියර් එකක් බීම තරමක් සනීප දායකයි කියා, නොබොන පින්වත් අය  දන්නවා ඇති.

img_0662

සැප්තැම්බර 2016

ඊයේ විතරක් නොවේ, අදත් හෙටත් උෂ්ණත්වය ඒ ගානමයි. මා අද උදෙන්ම තැනකට ගිහින් ඇවිත්, පොඩි රවුමක් ගියා. උදේ එකොළහටත් ගිණි  කාෂ්ටකේ. දැනට මාස දෙකකට පමණ පෙර මා ගත්තු මලින් පිරුණු ගස්, දැන් කොළ වලින් බර වෙලා. මෙහෙම පරිසරයක ඉන්න විට, කාලය ගෙවෙන හා වෙනස් වන හැටි ටිකක් ඔළුවට එනවා.

මා කලිනුත් මතක් කර ඇති කරුණක් තමා, මොස්කව් ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පළ  කරපු කතන්දර හා පින්තූර  පොත. ආගන්තුක රටක, ආගන්තුක පරිසරයන් එක්ක තිබුන ඒ කතා, අපේ කුඩා මනසට අමුතුම චමත්කාරයක් ගෙන ආව. කොහොමද ගිම්හානයේ අන්තිම දවස් වල සේරම කොළ පවා හැලිච්ච ඇපල්  ගසක, එකම ගෙඩියක් තියන එක? අපේ ගෙවතු වල ඇපල්  තියා, ඒ කියන හරියට බෙදා වෙන් කරපු සෘතු වෙනස්වීම් තිබුනෙත් නැහැ.

ළමයිනට කතන්දර ලිවීමේදී (චිත්‍රපට, චිත්‍රකතා, පොත් යනාදියත් ඇතුලත්ව) ඒවා සුචරිතවාදයට අලවා ලිවිම, නැත්නම් මහා පණිවුඩයක් දීමට ලිවිම, ආගමික අදහස් පොවන්නට ලිවිම, ආදිය ගැන මා සිතන්නේ, එය  සෑහෙන ගොන් පාට් එකක් කියායි.

img_1070

ඔක්තෝබර් 2016

දැනට කලකට පෙර ඒබීසී  රූපවාහිනියේ  වන්  ටු  වන් වැඩසටහනේ දී, ඇන්ඩි ග්‍රිෆිත් කියුව දෙයක් මගේ සිත් ගත්ත. ඔහු කියුවේ, ඔහුටත් කියවන්නට තිබුන ළමා කතා අර සුචරිතවාදී හෝ පාඩම් කියා දෙන ඒවා. එයිට වඩා එහා ලෝකයක් ළමයිනට තියනවා කියා. ඔහුගේ බොහෝ ළමා පොත් ලියවී ඇත්තේ දරුවන්ගේ ලෝකයේ තියන “ජරා කතාත්” එකතු කරමින්.

මේ දිනවට රූපවාහිනී චැනලයක නැවත ප්‍රචාරය වන හැරි පොටර් චිත්‍රපට මාලාව බලන්න නම්, පුතා සියලු ගේම් අතහරිනවා. අප සාමාන්‍යයෙන් ශාලාවකට ගිහින් චිත්‍රපටයක් නැරඹුවොත් මිස, ඩිවිඩි පට ගෙදරට ගෙනෙන්නේ නැහැ. එය ප්‍රතිපත්තියක් ලෙස කරන දෙයක් නොවේ. ඉස්සර අර විඑචේස් තියන විට නම් ගෙදර ගෙනත් බැලුවා. කාලයත් සමග මා හිතන්නේ එය ගිලිහි ගියා.

IMG_0642.jpg

සැප්තැම්බර් 2016

රූපවාහිනියෙන් චිත්‍රපටයක් බලන එක සමහරවිට එපා කරන දෙයක්. පැය එකහමාරක කතාව බලන්න පැය  තුනක් පමණ ගත කරන්න වෙනවා වෙනවා. එයාලත් කීයක් හෝ හම්බ කර ගන්නත් ඕනේ නේ. දෙගොඩහයාමය තෙක් නිදි නැතිව ඉන්න එකට මා එතරම් කැමති නැති වුවත්, ඉඳහිට කරන දෙයක් නිසා මා පුතාට කිසිවක් කියන්නේ නැහැ.

img_1076

ඔක්තෝබර් 2016

කොහොම වුවත් අද රස්නය තරමක් වැඩි නිසාත්, වෙන දෙයක් නොතිබුන නිසාත් ගෙදරම ගත කෙරුවා. පසුගිය සති කිහිපය තුල පරිසරය වෙනස් වී ඇති අන්දම ගැන කියවෙන පින්තුර දෙක තුනක් මෙයටම එකතු කරන්නම්. මේ තැන වලම අද ගත්තුවා නම් නැහැ. ඒවා හවසට බලන්න ඕනේ.

මල් පැල ටිකක් ගෙනත් හිටවන්න හිතන් හිටියත්, මේ රස්නය සමග මල් හිටවා, ඒවා ස්ථාපිත කරන එක අමාරු දෙයක්. මල්, තණකොළ හා පළතුරු  හිටවන්න හොඳ ශීත සමයේ අග හෝ වසන්තයේ මුල. එවිට ඒවා ස්ථාපිත වී නොමැරී බේරෙන්න තරමට මුල් අදිනවා.

Advertisements

7 Comments

Filed under Lifestyle, Opinion