Tag Archives: සුන්දරත්වය

ලස්සන නම් නෑ පෙනෙන්නේ!


IMG_2306 (2)

කලින් සටහන් දෙකකින් මා කියන්නට උත්සහ කෙරුවේ, විවේචන කොතරම් පහසුද, ඇත්තටම අප විවේචනය කරන  ඒවායින් මිදෙන්න කොතරම් අපහසු ද කියා. එයිනුත් සමහර සමාජ වල තමන් කැමති විදිහට ජිවත්වීමම මරණීයයි  කියලත් අපට පෙනෙනවා. එහෙම නැතුව වුවත්, පවතින සමාජයේ හරිම ලෙජිට්  දෙයක් කරන විට පවා, එයට අකමැති අය පරල වෙන අවස්ථා ඔබත් අත්දැක  ඇති.

ඇණය කියන්න වගේ ලංකාවේ ඉන්නවා නම්, ටියුෂන් යන්නේ නැතිව  විභාග ගොඩ දැමීම ලෙහෙසි වෙන්නේ නැහැ. විශේෂයෙන් උපේ. අප පාසල් ගිය කාලයට වඩා දැන් කොතරම් වෙනස්ද මා දන්නේ නැහැ. මගේ උසස්පෙළ පන්ති වල එකම විෂයයක් හෝ විෂය නිර්දේශයට අයත් සියලු කරුණු පාසලේ ආවරණය කෙරුවේ නැහැ. ඒ ප්‍රධාන පාසලක. අනික්වයේ තත්වයත් මෙයිට සමාන ඇති. ඒ, ඒ කාලේ.  මේ කරුණු ගැන මා පරණ සටහන් වල ලියා ඇති.

IMG_0744 _Jambu mal 1

ජම්බු මල්

මෙතැනදී දෙමාපියන් වශයෙන්  තමන්ගේ කැමැත්ත,පාසල්  කාලයෙන් පසු දරුවන්ගේ නිදහස වැනි දේවල් ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහලට ගන්න බැහැ. මොකද පාසලේ හරියට වැඩ නොකෙරෙන නිසා. පරිසරය නොතකා, එවැනි දේවල් කිරීම ගොන් පාර්ට් එකක් වන්නේ, දරුවන්ගේ අනාගතය එයින් අනතුරේ වැටෙන්නට ඉඩ ඇති නිසා. උදාහරණයක් විතරයි. මේ වගේ දේවල් තව තියනවා.

හැබැයි, ඔය පරිසරයෙන් ඉවතට ඇවිත්, එයිට වෙනස් තේරීම් තියෙත්දී, තමන්ට සුපුරුදු දේවල් බදා ඉන්න ගමන්ම, එයාල අත්විඳපු දේවල් තාමත් ඉපදුන රටේ තියනවා යයි විවේචනය කිරීම මට තේරුම් ගන්න බැහැ. මිනිසුන්ගේ තේරීම් කියුවට, මේ තේරීම් වල කිසියම් තර්කානුකුල බවකුත්  තියෙන්න ඕනේ නේද?

මා ඒ වගේ තර්කානුකුල බවක් නැති කාණ්ඩයක් ලෙස මූලධර්ම වාදීනුත් දකිනවා. මා කලින් සටහනක ලියුව අර බෞද්ධ ගීතයක් කෙලෙසීම වලක්වා ගන්න, කාන්තාවකට ගඩොල් බාගයකින් ගහන්න යෝජනා කරන  මනුස්සයා, මෙන්න මේ සකල ලෝකවාසී මූලධර්ම වාදීන්ගේ  නියම ස්වරූපය  පෙන්වා දෙන්නෙක්. මෙතැනදී, ඔවුන්ම යෝජනා කරන (හා බොහෝවිට ක්‍රියාවෙත් යොදවන) විසඳුම් මගින්ම, ඔවුන් ආරක්ෂා කරනවා යයි කියන දේ නිෂ්ප්‍රභා වෙන වග ඔවුනට තේරුම් ගන්න බැහැ.

IMG_0134

අල්ලපු ගෙදර මලක්

මා හිතන්නේ අප ටිකක් මේ ගොල්ලන්ට යලිත්, අපේ අතීතයට යන්න ඉඩ දෙන්න ඕනෙය කියා. අන්තර්ජාලය එක්ක එය ටිකක් ඇත්ත වේවිය කියලත් මා හිතනවා. මෙන්න මෙවැනි කතා අපට යලි යලිත් අහන්න ලැබෙනු ඇති.

මේක පොලිටිකලි ඉන්කරෙක්ට් නිසා කියන්නේ නැති වුණත්, මිනිස් සමාජයේ කියන්නේ ලොකු පරාසයක පැතිරෙන බුද්ධිමය ධාරිතාවයක් සහිත ජීවී ගොණුවක්. ඉස්සර සර්වයිව් වුණේ, අප අතර ඉන්න ශක්තිමත්ම පිරිස විතරක් නොවේ, හැම අතින්ම වැඩි හැකියාවක් දක්වපු අය. කොටිය පනින විට, ක්ෂණිකව ක්‍රියාමාර්ග ගන්න හැකි වුණේ, ශක්තිවන්තයටම විතරක් නොවේ. මා නිතරම ලියන පරිදි, මේවා වෙනස් කිරීමම, අපගේ ඉදිරිගමනට යම් බාදා  පමුණවන දේවල් වී තිබීම සරදම් සහගතයි.

හැබැයි පුතේ, මිනිසුන් ලෙස අපගේ ජීවිතවල ස්ටැටස්‌ කුවෝ එකෙන්  මිදෙන්නත් ලෙහෙසි කරුණක් නොවේ. අද මා බලපු ඒබිසියේ ගිය ඕස්ට්‍රේලියානු කතාව ට  පාදක වූවේ, ඉන්දියානු සංක්‍රමණික ඕස්ට්‍රේලියානුවෙකුගේ දරුවෙක් ගේ කතාවක්. දරුවෙක් කියුවට වැඩිහිටියෙක්. විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් වැඩ කරමින් ඉන්න විට, හිතට ආපු අදහසක් නිසා, වෛද්‍යවරයෙක් වී, එයිනුත් නොනැවතී විශේෂඥය වෛද්‍ය වරයෙක් වූ රෝල්ෆ් ගෝමෙස් ගේ මේ කතාව ඔබත් නරඹන්න.

IMG_0689 - Araliya

කඩා නොගත් අරලිය මල් පොකුරක්

රෝල්ෆ් වැනි තරුණයෙකු ගේ ජීවිතය සාමාන්‍ය මිනිසෙකුගේ කතාවක් ලෙස ගන්න බැහැ. මෙතැන  කියන  ඕස්ට්‍රේලියන් කතාව අමතක කෙරුවොත්, මෙවැනි කැරියර් චේන්ජ් එකක් කරන්න විශාල ධෛර්යයක් තියෙන්න ඕනෙවට අමතරව, විශාල බුද්ධිමය ධාරිතාවයකුත් ඕනේ. අප සමහර විට අමතක කරන දෙයක් තමා අන්න ඒක. මා ගොඩක් තැන් වල දකිනවා, දක්ෂතා පෙන්වීමත්  ගැරහීමට  ලක් කෙරෙනවා. අවස්ථා පුළුල් කිරීම එකක්, නමුත් පවතින තත්වය යටතේ, සාර්ථකත්වය පෙන්වන පිරිස් ගැරහීමට ලක් කරන්න අවශ්‍ය නැහැ.

මා මේ දිනවල දකින දෙයක් තමා, කඩයිම් විභාගයක ඉහල ලකුණු ගන්න හා පහල ලකුණු ගන්න අය  දෙගොල්ලන්ම එක සමානයි කියන එක. මෙවැනි කඩයිම් විභාග පමණක් නොවේ, අධ්‍යාපනය ලබන විදිහ පවා පුනරුච්චාරණ ක්‍රම මත පදනම් වී තිබීම  වෙනම කරුණක් . හැබැයි විභාගයකින් වෙනස්  ලකුණු ගැනීමට හේතු වන දේවල් තියනවා. බුද්ධිමය කුසලතාවය එයින් ප්‍රධානයි.

අපේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී (ඕස්ට්‍රේලියානු) ඕනෙම කෙනෙකුට, ඕනෙම පාඨමාලාවක් කරන්න බැරි ඒ නිසා. එහිදී සමහර පාඨමාලා ඉලක්ක කර තියෙන්නේ සමාජයේ ඉන්න ඉහලම IQ සහිත පිරිස් වලට. ඒ නිසා, අනෙක් පිරිස් කනගාටු වෙන්නට ඕනෙද?

අපේ සමාජය (බුද්ධිමය කුසලතාවයන් අතින්) නිර්මිත වෙලා තියෙන්නේ ඉහත සීනුවේ හැඩයට කියා කීමත් දැන් දැන් පොලිටිකලි ඉන්කරෙක්ට් වීගෙන යනවා වගේ. එය සමාජයක් වශයෙන් අපට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන්නේ නැහැ. මිනිසුන්ගේ කුසලතාවයන් හා බුද්ධිය වෙනස් කියා පිළිගන්නා අතර, මිනිසුන්ගේ විවිධ දක්ෂතාවයන්ගෙන් ගන්න හැකි ප්‍රයෝජනය ගැනීම අවස්ථා උදා කර ගැනීම සමාජයක් වශයෙන් සිතන්න අවශ්‍ය දෙයක්.

අර  වැඩසටහන අවසන් කරන කියමන ලෙස  රෝල්ෆ් ගේ බිරිඳ මෙහෙම කියනවා; One of the other reasons why he’s doing this, I think he wants to teach his children that you don’t just have to accept things the way they are. You can just get up yourself and try and make those changes yourself. එම කතාව මා මුලින් කියාගෙන ආපු, අපේ ජිවිත වල සුපුරුදු තේරීම් වලින් ඉවත් වන්නට උත්සහ කිරීම ගැන කතාවට සම්බන්දයි.

පළමු  රූපය  ඩිස්ටර්බින් නේද? ඕක මා ගත්තේ කැන්බරා නුවර, පාසල් දරුවන්ගේ, චමත්කාරජනක සිතිවිලි අවදි කරන්නට පිහිටුවා තියන, කුවෙස්ටකොන් නම් පරිශ්‍රයේ තියන ප්‍රදර්ශන චිත්‍රයකින්. ඕක අපට දිරවන්නේ නැත්තේ මොකෝ කියන ප්‍රශ්නයට මා පසුව එනවා.

අපගේ සිතේ ඇඳිලා තියන, අප නිතර දකින රූපයට  සහමුලින් වෙනස්ව, ඔය ඒලියන්ස් ලා කියන එවුන්,  පරිණාමය වෙලා ඇවිත් තිබුණොත් අප කොහොම ඔවුන්ව පිලි ගනීද?

IMG_0423

ගේ ඇතුලේ පිපෙන රෝස  රෝස

මා  හිතන්නේ කොයිම තත්ත්ව යටතේ වුවත්, ජීවින් පරිණාමය  වනු ඇත්තේ අප මුහුණ දුන්න තත්ත්ව යටතේම තමා. ඒ නිසා එයාල අපට වඩා බොහෝ සෙයින් වෙනස් වන එකක් නැහැ. ඕකේ ඇත්ත නැත්ත අපේ ජිවිත කාලය තුල තබා, මනුෂ්‍ය ශිෂ්ටාචාරය පවතින තුරුම දැන ගනීද කියා අද කියන්න බැහැ . මොකද මේ විශ්වයේ ජිවය තියන එකම ග්‍රහලෝකය, මේක විතරක් වෙන්නත් පුළුවන් නේද?

ලස්සන නැත්නම්, කෙනෙකුට අපේ ඇති වන ආකර්ෂණයත් කතා කිරීම පොලිටිකලි ඉන්කරෙක්ට් තවත් කරුණක් නේ. ඔයා  හරිම ලස්සනයි කීම වරදක් නැති ලෙස සැලකුනත් , අනේ තියන කැත විතරක්, කියල කීම එච්චර ශෝභන දෙයක් නොවේනේ. මෙතැනදී, දකින්නා හෝ විඳවන්නා  අනුව තක්සේරුවන් වෙනස් වීමත් අර පොලිටිකලි ඉන්කරෙක්ට් විමට එක හේතුවක්.

අනික සුන්දරත්වය තවත් කරුණු මත රඳා පවතිනවා. ඒ අතරින් ජානමය හා සංස්කෘතික බලපෑම් ප්‍රධානයි. ගිය වසරේ මා කියවපු නේචර් කලාපයක කවරයේ කතාව වගේ එකට තිබුනේ සුන්දරත්වයයි. එහි තිබුන ලිපි අමතක කර, සම්මුඛ සාකච්ඡා දෙකකට අවධානය යොමු කෙරුවොත් මගේ සටහන අවසන් කරන්න පුලුවන්.

මානව විද්‍යාව පිළිබඳ  මහාචාර්ය වරයෙකු වන කාර්ල්  ග්‍රමර් හා භෞතික විද්‍යාඥයයෙකු වන ඩේවිඩ්  ඩෝච්  තමා ඒ දෙන්න. ඩේවිඩ් කියන්නේ ඔබ්ජෙව්ටිව් බියුටි කියල දෙයක් මෙලොව තියනවා කියා. දැන් කෘමීන්ගේ ආකර්ෂණය ලබා ගන්න පරිණාමය වුන, මල් මිනිසා ලස්සනයි කියා දකින්නේ මොකෝ කියා ඔහු අහනවා.

ඩේවිඩ් භෞතික විද්‍යාඥයකු වුවත්, මිනිසා ගේ සුන්දරත්වය කියන්නේ අනික් සතුන් වගේම ජිව විද්‍යාත්මක  කරුණු ඔස්සේ පරිණාමය  වුන සබ්ජෙක්ටිව් දෙයක් කියල. හැබැයි මනුෂ්‍යයා බුද්ධිමය වශයෙන් ඉහල සත්ත්වයෙක් වන විට, එයාල ඔබ්ජෙක්ටිව්ලි සුන්දරත්වය විඳින්න ප්‍රමිතීන් හදා ගත්තාය කියන එක.

කාර්ල්  විස්තර කරන්නේ  ලස්සන හා අපේ පරිණාමය බැඳී තියන හැටි ගැන.   සතුන් ඇසුරෙන් ඔහු පැහැදිලි කරන්නේ, වර්ගයා බෝ කිරීම සඳහා  සතුන් සහකාරයන් තෝරා ගැනීම, බාහිර දේහ ලක්ෂණ සමග බැඳී තියන හැටි. මෙතැනදී සුන්දරත්වය කියන්නේ, සෞඛ්‍යමත් බවයි, නොනැසී ඉන්න වැඩිම ශඛ්‍ය තාවයක් සහිත වීමයි, සෞඛ්‍යමත්  පසු පරම්පරාවක් බිහි කිරීමට තියන හැකියාවයි. ඔවුන්ගේ අදහස් සේරමට යන්න ගියොත් වැඩේ හරි යන්නේ නැහැ.

IMG_0747

හැකි නම් මෙහි ඉන්නා සතා සොයන්න

මොන වගේ දේහ හෝ මුහුණේ ලක්ෂණද ආකර්ශනාත්මක යයි සැලකෙන්නේ කියන ප්‍රශ්නයට කාල් කියන්නේ, ඔහුත් මේ ගැන පර්යේෂණ කරපු අනෙක් අයනුත්  පිළිගන්න කරුණු අටක්. මේවා අප දකින මිනිස් සුන්දරත්වය රඳා පවතින ප්‍රධාන  කණු ලෙස ඔහු දක්වනවා. .

පහසුව සඳහා මේවා සිංහලට පෙරලන්නේ  නැහැ; 1.Youthfulness 2.symmetry, 3. averageness, 4. sex-hormone markers, 5. body odour, 6. motion, 7. skin complexion and 8. hair texture. තරුණ, පැහැපත් හමක් සහිත හා සයිමෙට්‍රිකල් මුහුණකට හිමිකම් කියන කොණ්ඩය පවා ලස්සන ඉහත  යුවතිය  අපට  සුන්දර යයි හැඟෙන්නේ නැත්තේ මොකද කියා මේ කරුණු ත් ඇසුරින් සිතන්න

මිනිසා ලෙස අප කොතරම් අසුන්දර දේ මෙලොව දුටුවත් ඩේවිඩ් එයාගේ අවසන් පිළිතුර ලෙස කියන මේ කරුණ ඔබේ පහන් සංවේගය පිණිස මා උපුටා දක්වන්නම්; Only humans can improve on beauty. When nature achieves beauty it is an accidental by-product of something else. Nature can only get so beautiful, but humans can paint something that is more beautiful than any scene (Nature, 8 October, 2015).

අප මේ ලෝකය වෙනස් කිරීම ගැන ලතැවෙන, යලිත් කැලෑවට යන්න යෝජනා කරන මිනිසුන් හා මා එකඟ නොමැත්තේ ඩේවිඩ් කියන කරුණ නිසාමයි.

(සියලුම  චායාරූප මවිසින් ගන්න ළද  ඒවාය. මගේ චායාරූප  වල සුන්දරත්වය  විඳින පිරිසක් ද සිටින වග දැන ගැනීම සුන්දර දෙයක් ).

(All photographs were taken by me).

 

 

25 Comments

Filed under Nature, Opinion, Photography