රුවන්වැල්ලේ සෝභිත*; ලෝකයටම පොදු අපේක්ෂකයෙක් ලෙස!


ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මැයි 13 දා (2014) ඉදිරිපත් කරපු අය-වැයෙන්, ඉදිරි වර්ෂ වල විද්‍යා පර්යේෂණ සඳහා වෙන් කරන්නට නියමිතව තිබුන (මෙතන තියන දෙයක් තමා, වෙන් කරපු මුදල් නොවේ, වෙන් කරන්නට ගණන් බලා තිබුන මුදල) මුදල් වලින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 420 ක් කපා හැරියා**. මේ හා සමාන මුදලක් ඔවුන්, පාසල් වල ආගමික උපදෙස් සේවා වෙනුවෙන් වෙන් කෙරුවා. ඒ වගේම ඇමෙරිකානු ප්‍රහාරක යානාවන් (86) මිලදී ගන්න වෙන් කරන්නට නියමිත මුදල ඩොලර් මිලියන 7740 ක්.

මෙවැනි කැපීම් සමාජයට එක වර දැනෙන්නේ නැති නිසා කතා බහක් ඇති වන්නේත් නැහැ. අපේ අය පවා ලංකාව හදන්න වැඩ කෙරුවත් (මෙහෙ ඉඳන්) ඇත්තටම කරන්නේ තාක්ෂනය උපයෝගී කරගෙන කැළෑ පත්තර ගහන එකයි (කෙනෙක් කියුවා මට ඊ මේල් මගින් එන මෙවැනි පත්තර ගැන).

ඒ අතරේ බහුතරයක් විසින් කැමැත්ත ප්‍රකාශ කරන්නේ, විද්‍යාවක් ගැන විස්වාසයක් නැති, ගූට විස්වාස හා තමන්ගේ ආගමික මතාන්තර රාජ්‍ය පාලනයත් සමග ගාවා ගන්නා පිරිස් වලට. ඔවුනට අනුව, දෙවියන් අපට ත්‍යාග වශයෙන් දීල තියෙන්නේ ගල් අඟුරු හා යපස් විතරයි. එතකොට හිරු එලිය, සුළං වගේ දේවල් වෙන කෙනෙකුන් දුන්න ඒවා.

පත් කරපු තවත් ගොන් අයියල පිරිසක් චීන ආක්‍රමණයක් ගැන නං දොඩවනවා. ඕස්ට්‍රේලියානු ගල් අඟුරු හා යපස් මිලදී ගන්න චීන රජය, එන්න එන්නම විද්‍යා පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් වැඩි කරමින් යනවා. ඇත්තම ආක්‍රමණ එනු ඇත්තේ එම ක්ෂේත්‍ර වලින්. එනම්, අනාගතයේ බලශක්තිය (සඳහා තාක්ෂනය) චීනෙන් මිලදී ගන්න වෙන තත්වයකට යන්න ඉඩ තියනවා.

කොන්සර්වේටිව් ගණන් බැලීම් අනුව, ඕස්ට්‍රේලියානු ඉලක්ක ගත කර තිබෙන 2020 පුනර්ජනනීය බලශක්ති ජනනයන් ලඟා කර ගත්තොත්, ඇත්තටම අපේ විදුලි බිල එක්කෝ අඩු වෙනවා, නැත්නම් වෙනසක් වන්නේ නැහැ.

ඕස්ට්‍රේලියානු නිවාස විදුලි බිල වැඩිවීමට පසුගිය කාලය තුල වැඩිපුරම දායකත්වයක් සපයා තියෙන්නේ, මේ සමාගම් විසින් (අනවශ්‍ය) අයුරින් යොදවපු කරපු ප්‍රාග්ධන (වයර් හා කණු) වියදම් කියන එක අද රහසක් නොවේ. පුනර්ජනනීය බලශක්තිය ඔවුනගේ ප්‍රමුඛතාවයක් නොවේ. ඒ වෙනුවට යොදපු මුදල් ලාභත් එක්ක රිකවරි කර ගැනීම් වලට මුල් තැන දෙන්න අවශ්‍යයි.

එයටම දේශපාලකයන්ගේ ආගමික මතාන්තරත් එක් වුනහම තකට තක. මොවුන්ම තමා එන්න එන්නම වඩාත් “සාර්ථක” දේශපාලකයන් ලෙස නැගී ඉන්නේ.

*මිනිසාගේ ආගමික විස්වාස හා වෙනත් ගූට විස්වාස, ව්‍යවසායකත්වය හා ලාභ උපයිම සමග පැටලේවිම සෝභිතත් කරපු දෙයක්. එය සාර්ථක ව්‍යාපාරයක්. මොකද ලොකු ඉල්ලුමක් තියනවා. එවැනි කෙනක් නේද දේශපාලනයේදීත් වඩාත් සාර්ථක විය හැක්කේ?

**The Commonwealth Scientific and Industrial Research Organisation would lose AU$111.4 million, the Defence Science and Technology Organisation AU$120 million, the Australian Nuclear Science and Technology Organisation AU$27.6 million and the Australian Institute of Marine Science AU$7.8 million.

3 Comments

Filed under Opinion

3 responses to “රුවන්වැල්ලේ සෝභිත*; ලෝකයටම පොදු අපේක්ෂකයෙක් ලෙස!

  1. Pingback: රුවන්වැල්ලේ සෝභිත*; ලෝකයටම පොදු අපේක්ෂකයෙක් ලෙස! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මගේ ඇත්තම සටහන වන මෙහි අවසානය ඇමෙරිකාව ඇසුරින් මා ලියන්න යන්නේ. ඔවුන්ගේ ලෝක ආධිපත්වය කොතනින්ද පටන් ගන්නේ කියන එක එතන තියනවා.
    මාත් ලින්කුව කියවන්න කලින් උත්තරේ ලියා ටපලවා ගත්තා මහසෝන්! 🙂

Leave a reply to මහසොහොන් පිල්ලිය

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.