රයිගමහංදිය!
රයිගම කියන්නේ තුන් මං හන්දියක්. එක්කෝ හොරණ පැත්තට යන්න පුළුවන්. නැත්නම් පානදුරේ පැත්තට. එහෙම කැමති නැත්නම් අඟුරුවාතොටට යන්න පුළුවන්. මේ පැති තුනෙන් එකකටවත් යන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඉතුරු වෙලා තියන අනිත් පැත්තට හැරිලා පන්සලට ගොඩ වෙන්න පුළුවන්.
(මේ චායාරූපය එක් කරන ලද්දේ 9/10/15 වන දින. එය මගේ හිතවත් රසිකයෙකු මවෙත එවන ලද්දකි. එවැනි රසිකයන් රයිගමහන්දියට සිටීම සතුටක් වගේම වාසනාවක්).
මෙහි ලියවෙන්නේ එදිනෙදා ජිවිතයේ සිදුවීම් හා අතීත ජිවිතයේ අත්දැකීම් ඇසුරින් සකස්වුන සටහන්. කැමතිනම් ඔබටත් ගොඩ වැදී බලන්න පුළුවන්. ඒ වගේම මේ සටහන් ගැන ඔබේ අදහස ලියන්නත් පුළුවන්, නමින් හෝ නමක් නොමැතුව. සාමාන්‍යයෙන් එවැනි ප්‍රතිචාර වාරණයකට ලක් නොකලත්, මගේ සමහර සටහන් අනවශ්‍ය යයි සිතුන විට ඉවත් කිරීමේ දී ඒවාට සපයපු ප්‍රතිචාරත් ඉවත් කෙරෙනවා ඇති.
එයිට අමතරව අන්‍යයන්ට මරණ තර්ජන කෙරෙන හා ජාතිවාදී, ආගම්වාදී හෝ වෙනත් මතවාද වලට අනුව අනුන්ව (මෙතැනදී මා ද, අනුන් කියන ගොඩට අයත් වග මතක තබා ගන්න) හෙලා දකින කොමෙන්ටුද දෙවරක් සිතීමෙන් තොරව ඉවත් කෙරෙනවා ඇත. එමෙන්ම එවැනි කොමෙන්ටු සංස්කරණය කර පළ කිරීමට ද තියන ඉඩකඩ ගැනද මතක් කරමි. මෙහිදී මා ජිවත් වන රටේ නීතියත්, අන්තර්ජාතික මාධ්‍ය සදාචාරය හා කොමන් සෙන්ස් පිළිබඳව ද සැලකිල්ලක් දක්වනු ඇති.
මේ ඡේදය අලුතින් එක කරන්නට වුණේ අද දින පළ කිරීමට ඒවා තීබූ එක්තරා අඥ්යාන ප්‍රතිචාරයක් නිසා ය. (11.00 ප.ව. 28/02/2015).
මගේ බ්ලොගය පෙර මෙන් යාවත්කාලීන නොවන නිසා, අද දින එනම් 2017 වසරේ සැප්තැම්බර 17, නමක් නොමැතිව කොමෙන්ටු දැමීමේ හැකියාව ඉවත් කරන ලදී.
“Don’t say anything online that you wouldn’t say in person”
People make their own history, but they do not make it as they please; they do not make it under self-selected circumstances, but under circumstances existing already, given and transmitted from the past.
Karl Marx[චායාරූප මගෙනි (රයිගමහන්දියේ චායාරූපය, එය එවූ හිතවතාගේ අවසරය මත ඔබන ලදී (10.10.15), මා චන්ද්‍රකුමාර].
(61515 hts as of 12/07/2014)
ගොඩ වැදුණු බවත් සිත්ගත් බවත් සටහන් කරමි 🙂
හසිත මෙහි සටහනක් දමපු පළමු වැන්නා ඔබයි. අද තාත්තලාගේ දවස නිසාත්, ඔබගේ කොමෙන්ටුව නිසාත් මගේ සිත අතීතයට ගියේ නිරායාසයෙන්. නමය හා දහය වසරවලට අපේ පන්ති වලට සමාජ අධ්‍යයනය උගන්නපු ගුරුවරයා, මොන අඩුපාඩුකම් තිබුනත් හරිම දක්ෂ කෙනෙක්. එක දවසක් ඔහු අපෙන් ඉල්ලුවා අපේ සටහන් පොත තාත්තලට පෙන්නලා අත්සන් කරගෙන එන්න. අනික් සේරම ළමයින්ගේ පොත්වල අත්සන් විතරයි තිබුනේ. මගේ පොතේ අත්සනට කලින් මෙහෙම සටහනක් තාත්තා ලියල තිබුනා. “ළමයාගේ තත්වය පිලිබඳ අවබෝධයක් ලබා ගතිමි”. මේකට ගුරුතුමා හරිම කැමති උනා. ඔහුගේම කතාවෙන් කියුවොත් “මෙන්න නියම තාත්තා කෙනෙක්. මාත් බලාපොරොත්තුවන්නේ මේ වගේ දෙයක් මිසක්, ගොන්නු වගේ අත්සන් කරලා එවන එක නොවේ”කියල ඔහු කියුවා. මා මේ වැල් වටාරම් ලියුවේ ඔබගේ ප්‍රතිචාරය අගය කරන බව කියන්න. අද මට ඕනේ තරම් වෙලාව තියන එකත් හොඳ දෙයක්.
ඔබේ පියාගේ ක්‍රියාව හැම තාත්තා කෙනෙක්ටම ආදර්ශයක්.
මමත් අනුගමනය කරන ප්‍රතිපත්තියක් තමා බ්ලොග් සටහනක් කියෙව්වාම පුලුවන් හැම වේලාවේම ඒකට ප්‍රතිචාරයක් එකතු කරන එක. ඒකෙන් කිසියම්ම් ආකාරයකට ධනාත්මක බලපෑමක් සිදුවෙයි කියලා මම විශ්වාස කරනවා
අඩේ දන්න ඉසවුවක් නේ. අවුරුද්දකට බිල්ලක් ගන්නවයි කියලා ගමේ මිනිස්සු කිව්වත් උයන්වත්ත වැවත් මගේ ප්‍රියතම තැනක්.
අම්මප නිකං, නියම වැවක් විතරක් නොවේ මගේ ළමා කාලයේ මතකයන් බොහෝ තියන තැනක්. මේ වැව කෑවා පසු කාලයේ ගරානා ව්‍යාපෘති මගින්. අප පොඩි කාලේ කුඹුරු කොටලා සමහර වෙලාවට නා ගත්තේ ඔය වැවෙන්. 🙂
අහම්බයකින් දුටුවෙමි. එහෙන් මෙහෙන් කියවා බැලුවෙමි. තරමක් මවිතයකට ද පත්වීමි. සාමාන්‍යයෙන් සිංහල blog වපසරියේ අහන දකින blog post වලට වඩා ගැබුරු කරුණු දැක්වීමක් විශ්ලේෂණයක් නිර්මානාත්මක අදහසක් හැම ලිපියකම දුටු හෙයිනි.
මෙතෙක් කලක් මෙය ඇස නොගැසීම ගැනද පුදුම වුනෙමි. සමහර විට මාතෘකාවේ දැක්වෙන සරල කම නිසා තව දුරටත් විමසීමට උනන්දු නොවුවා විය හැකිය.
සියලුම ලිපි නිවාඩු පාඩුව කියවීමට අදහස් කරමි. පරණ ලිපි කෙසේ වෙතත්, අලුත් ලිපි ගැන අදහස් දැක්වීමකට ද සිතා සිටිමි.
පෙනෙන විදියට අවුරුදු 3 ක පමණ කාලයක් මාසයකට post එක ගණනේවත් පළකර ඇත. අගය කලයුතු ප්‍රතිපලයකි. සුභ පතමි.
ඔබගේ ප්‍රතිචාරයත් අගය කරමි. මෙහි රැඳී ඉන්නටද කැමැත්ත ඇති වේවායි පතමි. මාසයකට එකක් නොවේ, මේ බ්ලොගයේ හිට්ස් ගනනට වඩා සටහන් ගණන වැඩි නිසා සමහර විට ලියන ඒවා පළ නොකරමි. මා ලියන්නේ ගොඩක් වෙලාවට සිතුවිලි. ඒකීය පුද්ගලයන් ගොඩක ගෙන් හැදෙන සමාජය යාන්තමින් හෝ වෙනස් කරන්න හැකි එම ඒකීය පුද්ගලයන් වෙනස් කිරීමෙනුයි. යන්නන් වාලේ යාම නිෂ්ඵල ක්‍රියාවක් කියලයි මා නිතර සිතන්නේ niccolobmac!
අපූරුහැදින්වීමක්, තුන්මං හන්ධියෙන් එකක්කවත් යන්න කැමති නැත්තම් අන්න පන්සල, මේ සටහන ඇතුලේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා, අපූරුයි. මත ඔන්න ගොඩ වැදුනා.
ගොඩ වැදීමෙන් නවතින්නේ නැතුව “පා සටහන” තැබීම ගැන ඔබටත් ස්තුතියි. මෙහි ලියවෙන දේවල් කියවිමටද ඔබට හැකි වේවායි මගේ පැතුමයි, සොඳුරු මිනිසා!
ලස්සනයි නිකන් ගොඩවෙදිල බෑලුව පාරෙ යනකොට දෑක්කෙ
ගොඩ වැදුනට ස්තුතියි! දිගටම එනවා නම් තවත් හොඳයි!
අර විහිළුවක් තියෙන්නේ
1 මිනිසා: මහත්තය බොනවද?
2 මිනිසා : නැහැ
1 මිනිසා: බොන්නැති එක නම් හරිම හොඳයි….
2 මිනිසා: 🙂
1 මිනිසා: හැබැයි බොනවා නම්, ඊටත් වඩා හොඳයි! 😀
ආපු එකේ ඔන්න අපි උගුරත් පාදල ගියා
අහා, අන්න එහෙම තමා ඉන්න ඕනේ චෙවිඳු!
මේ චන්ද්‍රකුමාර කියන නම මට මතකයි. තවරිෂ් ගස්පදින් හිටියේ විතෙප්ස් පැත්තේද නැත්නම් ඇකඩමිය නවුක් එකේද?
පොඩි ප්‍රමෝෂන් එකකුත් දීල තියෙන්නේ. තවරිෂ් ගස්පදින් කොයි වසරේදී ද ඉවර කෙරුවේ?
1991. MEI
Very nice
Much appreciated Nalini!
🙂
Congratulations!
I have nominated your blog for the Real Neat Blog Award.
More about this nomination is at
https://dearkitty1.wordpress.com/2016/08/18/real-neat-blog-award-congratulations-all-of-you/
Thank you so much! 🙂
Yes.Good.
රයිගම හන්දියේ කඩෙි වහදැම්මය අායුබොවන්ඩ?
එහෙම ගතියක් තමා පේන්නේ කෞශල්‍ය. බලමු දොර පළුවක් වත් ඇරලා තියන්න හැකිද කියා.
Cheers!
අපූරුයි රයිගම. එක පලුවක්වත් අැරල තියෙන එක සමනල තටු සැලීමක් වෙන්න පුලුවන්.
ඔබ තුමාගේ චෙරි පිලිබඳ ලියපු අනර්ග ලිපිය දැක්ක.
මේ අපි ඒ ගැන කරපු වීලොග් එකක්
කියවීමෙන් නොනැවතී, ඔබේ ව්ලොගය බෙදා ගත්තට ස්තුතියි. ලියනවාට වඩා වෙනස් විදිහේ රසවින්දනයක් ඇත්ත පරිසරය දැකීමෙන් ලබන්නට පුළුවන්. දැන් කාලයේ වඩාත් ජනප්‍රිය ව්ලොග්නේ. ඔබගේ ව්ලොගයත් හැම අතින්ම සාර්ථක වේවා කියා පතමි.
ඔබට බෙහෙවින්ම ස්තුතියි !
මොනව වෙලා දැයි. තේරුමු ගන්න බෑ ඔබේ කොමෙන්ටුවකට ප්‍රති පිළිතුරු එවන්න තැත් කළ වාර ගණන 5 කටත් වැඩියි. ඒත් යවන්න ඉඩ දෙන්නෙම නැහැ. අද තමා මේ අත්දැකීම ලැබුවෙ
දැනුත් ට්‍රයි කළා ඒත් බැහැ
හේතුවක් නොදනිමි ගුණසිංහ. මෙහි ප්‍රතිචාර දැමීමට වාරණ හෝ මොඩරේට් දමා නැහැ. නොනමින් ටික කලක් දැමීම අවහිර කර තිබුණේ, අඥාන පිරිස් සමග පැටලීමට මට වෙලාවක් නැති නිසාත්, ඉස්සර වගේ මෙහි නොලියන නිසාත්. දැන් එම පිරිස් නැති නිසා, බාදා කිසිවක් නැහැ. ආයිත් ප්‍රොෆයිල් නැතුව දමන්න බලන්න.