හවස! Going back to the corner, where I first saw you…..!


මෙන්න මේ සටහන ලිවීමෙන් පසුව ගතවූ හතරවෙනි බදාදා අද. ඇත්තටම උදෙන්ම නැගිටින විට දවස ටිකක් දිගයි කියා දැනෙනවා. විශේෂයෙන් කාර්ය බහුල දිනයක් නොවේ නම්. අද නම් එවැනි දිනයක්. අඩුම ගානේ පටන් ගත්තු එක දෙයක් මාසයක් පවත්වාගෙන යාමට හැකි වීමත් ජයග්‍රහණයක් නේ.

කලින් සටහනට උරණ වූ, කියවීමට හැකි වූ හා නොහැකි වූ නමුත් කියවීමට පැමිණි සියලු දෙනාටම මගේ කනගාටුව. යලිත් මා ඒ ගැන සිතා බලන්න සමහර ප්‍රතිචාර හේතු වූවා. යමක් කියවන්නට ආසා නම්, එයට වැට බඳින්නට උත්සහ කරන එක හොඳ නැහැ. දැල් වලින් සුළං නවතන්නත් බැහැ. හැබැයි එහි ඇත්ත තේරුම, ලිවිම හා කියවීම ප්‍රීතියක් ජනිත කරවීම මගේ සරල බලාපොරොත්තුව වීමයි. මා කරපු දේ ඇත්තටම කවුන්ටර්-ප්‍රඩක්ටිව් වැඩක්.

මා දැන් මාස දෙකක පමණ සිට ලංකාව පිලිබඳ ප්‍රවුර්ති කියවන්නේ අන්තර්ජාතිකව හෝ ඕස්ට්‍රේලියානු නිවුස් වෙබ් අඩවි වල පළ වුනොත් පමණයි. කෙනෙක් කියාවි, ඉතිං අපට පාන්ද කියා. අන්න ඒකම නිසා තමා මාත් කියවීම අතහැර දැමුවේ.

පුරුද්දට වගේ කරගෙන එන මේ වගේ දේවල් වලින් ජිවිතයට එතරම් ප්‍රයෝජනයක් නැති වග දැනෙන්නේ, එය නතර කළ විටම තමා. ලංකාවේ ජිවත් වන ඕනෙම කෙනෙකුට වඩා මා වගේ අයෙක් ලංකාව ගැන වධ වෙනවා යයි යම් කෙනෙකු යෝජනා කලොත්, එය කොතරම් බොරුවක්ද කියා ඔබටත් සිතෙනවා ඇති.

මව් බිම පිලිබඳ තියන ඇල්ම නැති කරන්න නොහැකි වුවත්, නියර් හා ඩියර් විශාල පිරිසක් එහි ජිවත් වුවත්, එහි ජිවත් වන කෙනෙකුගේ ජිවන විලාසිතා කුමන අන්දමේ විය යුතුද කියා අදහස් දැක්වීම නිරර්ථක කාර්යයක්.

එයට හේතු විශාල සංඛ්‍යාවක් තිබුණත්, මගේ පැත්තෙන් තියන ප්‍රධාන කරුණ නම්, අපගේ ප්‍රමිතීන් හා බලාපොරොත්තු වන තත්ත්ව වල ඇතිවී තියන වෙනස් කමයි. කලින් සටහනට කලින් සටහනේ කඩේ යාම ගැන මා ලියුවේ අන්න ඒ වගේ දෙයක්.

එතැනදී අනෙක් අය එකඟද නැත්ද යන්න මට විශාල ප්‍රශ්නයක් නොවේ. මොකද සේවය සපයන අනෙක් ආයතනය මා ඉල්ලන දේ, එම මිලට දෙන්න කැමති නිසා. එය සමාජයට හානියක් නොවන තේරීමක්. සමාජයට හානිදායක තේරීම් පවා බහුතර එකඟත්වයෙන් කරන සමාජයක සුළුතරයට කරන්න හැකි දේවල් සීමිතයි.

මා යටගිය දිනෙක ලංකාවට ගිය විටෙක, ඉගෙන ගත්තු පාසලක් අසල හිටිය, පොඩි පන්ති වල එකට ඉගෙන ගත්තු කෙනෙකු සොයා ගියා. එයාට අමතරව තව කෙනෙකු ද අහම්බෙන් හමු වූවා.

මිනිහා මගේ විස්තර අහල, වරෙන් උඹට අපේ කලින් පන්ති පෙන්වන්න කියා පාසැල “ඇතුලට” මාව, මගේ එතරම් කැමැත්තකින් තොරවම එක්කන් ගියා. එදා පාසල් දිනයක් නොවේද කොහෙද. හැබැයි සේකුරිටි එකේ හිටපු කට්ටිය අරයගෙ යහළුවන්. ඇතුලට ගියා උදෘත පාඨ ඇතුලේ දැම්මේ, මේක ඇතුලට යාමකුත් නොවන නිසා. එයට හේතුව අර පාසලේ පිහිටීමේ තියන අද්විතීය බවයි.

කොහොම හරි, එදා පාසලේ මොකක් හෝ කටයුත්තකුත් තිබුණා කියල මා හිතනවා. පාසලේ ගුරුවරියකුත් අපට අහම්බෙන් මුණ ගැසුණා. අරූ එක පාරටම, මිස් දන්නවද, මේ අපේ පාසලේ ඉගෙන ගත්තු මහත්තයෙක් කියා විස්තර කියුවේ, මන් හොල්මන්ද පොල් කොළ වෙලා ඉන්දැද්දී. ඔය කතා කිසි වැඩකට නැති ඒවානේ.

ගුරුතුමී හැරිලා, මගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක දක්වා එක්ස්රේ ස්කෑන් පාරක් දමල කියුවේ, අපිත් ඉගෙන ගෙන තියෙන්නේ මේ පාසලේ තමා, මහත්තය පරණ පාසල බලන්න ආව නම්, ටිකක් හොඳට ඇඳගෙන එන්න තිබුණා නේද? බලන්න ඔහොම පාසල් ආවාහම තියන රෙස්පෙක්ට් එක මොකක්ද?

අරූ රතු වෙලා යත්දී, මා බොහොම ස්තුතියි මිස් කියාගෙන, ඌවත් අරන් එලියට ආව. ඉන්පසු අප නැවතුණේ ඇත්තටම යන්න ඕනේ “හරි” තැනක. එතැනට නම් මා ඇඳලා ඉන්න හැටි හොඳට ගැලපුනා. අරූ තරල සාර ලේ වලට උරා ගන්න විට, මිස්ට බනින්න ගත්තා. හැබැයි මා වැඩේ පැහැදිලි කර දුන් පසුව මිනිහා කට පියා ගත්ත.

පුතාගේ වැඩ වලට මා පාසලට යද්දි හවස නම්, ඇඳගෙන යන්නේ මට පහසුම දෙයක්. මේවා ගැන මා එතරම් සිතන්නෙත් නැහැ. මොකද ස්වයංක්‍රීයව වගේ කෙරෙන දේවල් නිසා. හැබැයි දැන් යන විට අර සිද්දියත් සමහර විට මගේ සිතට නැගෙනවා.

පළමුව ඇත්තටම පාසැල ඇතුලට ගියේ නැති වුණත්, අරූ ගේ කීමට එකඟ වුණ එක මා කරපු වරදක් නේද?

පලි
ඉන් දින කිහිපයකට පසුව මා ඉගෙන ගත්තු තව පාසැලක ඉදිරිපිටින් යමින් සිටියා. එතැනදී ඒ පාසැල ඇතුලට යන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් එහි ඉදිරිපිට දී, අහම්බෙන් දුටුව කෙනෙක්, සමග වචනයක් කතා කෙරුවේ, ඔහුට මව මතක නැති වුණත්, මට ඔහුව මතක් වූ නිසා. එයා ඒ පාර, මාව පොඩි සංචාරයකට එක්කන් ගියා (පාඩම් ඉගෙන ගන්නේ නැහැනේ).

ඒ පාසල් දිනෙක හවසක්. දශක ගණනාවකට පසු වෙනස් වූ හා නොවූ ගොඩනැගිලි දකින ගමන්, එසේ වෙනස් නොවූ අනෙක් දෙවල් ගැනද ඔහු කියූ කතා ඇත්තෙන්ම, සිතන්නට යමක් මටත් ඉතිරි කෙරුවා. ඒ ගැන නම් ලියන්න මට අවශ්‍ය වුණත්, ලියැවෙනු ඇත්තේ අනාගත දිනෙකම තමා.

මේ මා අද උදෙන්ම අහපු සින්දුව. වෙන තේරුම් නැහැ. 😉

19 Comments

Filed under Social

19 responses to “හවස! Going back to the corner, where I first saw you…..!

  1. Pingback: හවස! Going back to the corner, where I first saw you…..! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. අදත් ලස්සන සිංදුවම තමයි… 😛

  3. මොකද අද ටෙස්ටින් ප්‍රවීනා, කලින් ටෙස්ට් කරපුව මදිද? 🙂

    දැක්කනේ කාර්යක්ෂමතාවය. කියන පරක්කුව විතරයි! 😀

  4. නිසි ඇඳුමෙන් සැරසෙව, නැත පිටවෙව!

  5. //මේක ඇතුලට යාමකුත් නොවන නිසා. එයට හේතුව අර පාසලේ පිහිටීමේ තියන අද්විතීය බවයි.// – ???ප්‍රෙහේලිකාවක් වගේ
    දෙවනි පාසලේ ( මං හිතන එක නම් ) දැන් හැරෙන්නවත් ඉඩක් නෑ ඒතරමට ගොඩනැගිලි. කිසිම view එකක් නෑ. claustrophobic වගේ. තව සත් මහල් එකක් හදනවා කියල තිබුන.
    ලංකාවෙ සුපිරි පාසල්වල ලමයි ගාණ ඉතා වැඩියි කියල රයිගම් හිතන්නේ නැද්ද?
    එක ජාත්‍යන්තර පාසලක ගහල තියනව දෙමාපියන්ට ඇඳිය යුතු ඇඳුම්. රූපත් සමග. ගෑණුන්ට ටයිට් ජීන්ස් වුනත් බෑ. මං හිතන්නෙ ජාත්‍යන්තර වුනාට දේශීත්වය රකිනවයි කියන එක මාකට් කරනව ඒගොල්ල.
    බුදු අම්මො ලංකාවෙ තියන නීති රීති …..සෞඛ්යය, ආහාර, ගොඩනැගීම්, මාර්ග භාවිතය ආදියේ ඉතා කුඩා දේ ගැන පවා ආණ්ඩුවේ ඉතා දැඩි නීති සිට පන්සලේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන හාමුදුරුවො දාන නීති දක්වා…
    මට හිතෙන විදිහට මේකතමයි දැන් විනීතම, සෞඛ්යසම්පන්නම, ආරක්ෂිතම රට

  6. කොපිකැට් රසික.

  7. පොර කොටයක් ගහල ටි ලොකු ත* දෙකක් ඉස්සරහ ගහපු ටී ෂර්ට් එකක ඔසී තාලෙට අන්දලා යන්න ඇති. ටීච ට බනින්න පුලුවන්ද. ලංකාවට ගිහිල්ල ඔසී වෙන්න යන කොට. හා හා

  8. @ Ajith,
    Man b–bs?

  9. ඇත්තටම පිට තමා සිටියේ.

  10. ඒ ප්‍රෙහෙලිකාව පහදා දෙන්න බැහැ ප්‍රා. එතකොට සියල්ල කියන්න වෙනවා. ඇත්තටම මේ මිස්ව අපට හමු වුණේ පාරක. එය පාසලට අයිති පාරක් ම නොවේ.
    හෙක් හෙක් මොකක්ද ඔබේ සිතේ තියන ඔය දෙවෙනි පාසල?
    //ලංකාවෙ සුපිරි පාසල්වල ලමයි ගාණ ඉතා වැඩියි කියල රයිගම් හිතන්නේ නැද්ද?//
    මොකද නැත්තේ? මේවා සුපිරි කියන්නේ නිකම්ම නොවේනේ. ඒ කියන්නේ පිරී මෙනුත් සුපිරි. මෙව්වට දෙමාපියන්ට තියන විකල්පය කුමක්ද කියා මන් දන්නේ නැති නිසා මොකුත් කියන්න අමාරුයි.
    ඔය ජාත්‍යන්තර පාසල් කියන එව්වා ගේ තියන ජාත්‍යන්තර කම කුමක්ද කියා මාත් හිතුවා.
    සමාජයේ තියෙන්න ඕනේ දේවල් නැති කොට, ඒවා තොරම්බල් කිරීම මගින් ව්‍යාජව ඒවා තියනවයි කියල පෙන්වීම, බොහෝ සමාජයන්හි වෙන දෙයක් ප්‍රා.

    රෑට නිදා ගන්න විට අඳින නිල ඇඳුම කුමක්ද?

  11. මොන පිස්සුද අජිත්, ෆුල් දේශීය ඇඳුම ඇඳලා ගියේ. මෙහෙත් වැඩට යන්නේ ආරිය ඇඳුමින් කොට මොන කතාද මේ කියන්නේ? 😀
    (මං ඒ ටිචට බැන්නේ නැහැනේ. 😉 ) !

    මේ ප්‍රා, නිකම් කතා හදන්න එපා හරිද? උදේ පහට නැගිටින්නේ මුත්‍රා කරලා, යලිත් නිදා ගන්න නොවේ. 😀

  12. මේ සඳුදා පුතාලගේ පාසලේ පොඩි කටයුත්තක් තිබුණා සවස් වෙලා. ලස්සනටම ඇඳලා හිටියේ, අපේ පුතාගේ පන්තියේ මිස්.

  13. ඇත්තටම උඹ මොකක්ද ඇඳං ගියේ? ස්විමිං ට්‍රන්ක් එකක්ද?

  14. මොනාද මචෝ මේ අහන්නේ, මා ඇඳන් හිටියේ සාමාන්‍ය ඇඳුමක්. හැබැයි සෙරෙප්පු දෙකක් තමා දමාගෙන හිටියේ. 🙂

  15. සමහර ටීචර් ලට පොඩි මෙව්වා එකක් තියෙනවා. අවුරුදු ගානක් ළමයින්ව බොස් කර කර විධාන දිදී ඉඳලා එයාල පන්තියෙන් එළියට ගියාමත් එහෙමමයි. එයාට ඔයාවත් එහෙම ‘හදලා ගන්න පුළුවන්’ ළමයෙක් වගේ පෙනුනද කව්ද දන්නේ 😉

  16. Highly Efficient ha 😀

  17. overly efficient?

    ඕක තමයි කියන්නේ, සමහර මිස්ල කියන දේවල් නම්, කියන පරක්කුවෙන් කරනවා! 😀

  18. ඔන්න නිරෝෂිටත් දැන් මේ කතා සාරාංශ ගත කරන්න පුළුවන් වෙලා. 🙂

    අගමැති මැල්කම් වගේ තමා, මගේ ජීවිතයත් ගුරුවරුන් නිසා වෙනස් වී තියනවා කියා නොබියව කියන්න හැකියි.

    හැබැයි මටත් හිතෙනවා ටීචර්ල ඉස්සරට වඩා මාව ‘හදල ගන්න පුළුවන්’ ළමයෙක් කියල සිතනවා. එයට හේතුව, හදල ගන්න කොහොමත් බැරි ළමයින් අතරේ, යන්තම් හරි හදල ගන්න පුළුවන් කෙනෙක් ලෙස මාව පෙනීම වෙන්න බැරිද? 😉

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.