මව් බිම නැත්නම් මරණය!


මගේ සටහන් ආසාවෙන් කියවන වග (විශේෂයෙන් මා නොලියන විට) මට දන්වන සියලු දෙනාට මගේ ආදර ස්තුතිය. දැනට වසර පහකට කිට්ටු කාලයක් ඇවිත් තියන මේ කෙරුවාව, ඩේන්ජරස් ටෙරිටෝරියකට ඇතුළු වෙමින් යනවා කියා මට සිතෙනවා. ඒ කියන්නේ මා සිතන දේවල් (ඒ අයුරින්ම) ලිවිම.

අනික් කරුණ නම් වසර පහක් කියන්නේ ජිවිතයේ ලොකු කාලයක්. මේ සටහන් පටන් ගත්තු කලට වඩා ජීවිතය හා මිනිස් සම්බන්දතා ගැන මගේ පර්ස්පෙක්ටිව් අද වෙනස් වී තියනවා. මා කලින් කියා ඇති පරිදි අපගේ ජිවිතයේ නොවෙනස් වන එකම දේ වෙනස්වීමයි. කලින් එතරම් වැදගත් කියා නොසිතුනු සමහර දේ, අද ඉතා වැදගත් දේවල් බවට පත්වීම මේ වෙනස් වීම් වලින් එකක්.

මිනිසුන් අතර සඹදතා ඇතිවීම, එව්වා කැඩීම හා නොකඩවා පවත්වාගෙන තරම් සංකීර්ණ කරුණක් මෙලොව තවත් නැතුවත් ඇති. ඒ කියන්නේ මේවට මූලික වන අපේ සිතිවිලි වල තියන සංකීර්ණත්වය. උදාහරණයකට, දෙදෙනෙකු අතර තිබුණ සම්බදතාවයක්, කාලයකට පසුව එක්කෝ ගිලිහි ගිහින් තියෙන්නේ කොහොමද කියන එක විතරක් නොවේ, තවමත් නොනැසී පවතින්නේ කෙසේද කියන එක ගැනත් සිතුවොත්, එය මොලේ කුරුවල් වෙන දෙයක් බවට පත් වෙනවා. මොකද ඒවාට හේතුවන පෞද්ගලික සිතුම් පැතුම් අපට තේරුම් ගන්න නොහැකි නිසා.

අප මේවා දිහා බලන්නේ අප ජිවිතයේ අත්කරගත් දැනුමට අනුව, අපගේ කෝවට දමල. අනික් අයවලුනුත් ඒ වගේමයි. ඒ නිසා මේවා අප එකිනෙකා විග්‍රහ කරන හැටි වෙනස්. දිවියේ මා අත් කර ගත්තු දෙයක් තමා පුර්ව විනිශ්චයන්ට නොපැමැනීම. සමහරවිට අමතක වෙනවා. නමුත් වෙලාව ඇතිව යලිත් කල්පනා කරන කරන විට ප්‍රකුර්තියට එනවා.

ලංකාවට ගොස් පැමිණීම අද දැනෙන්නේ මෙයිට කලකට වඩා වෙනස්ව. ඉපදුන රට ලෙස ලංකාවට තියන බැඳීම බොහෝ දුරට මැකී ගොස් තියනවා වුවත්, එහි ජිවත් වන සමිපතමයනට ඇති බැඳීම ඉස්සරට වඩා තද හා වැදගත් ලෙස දැනෙනවා. සංක්‍රමණ දිවියේ තිබෙන විශාලම අඩුව, එක්ස්ටෙන්දඩ් ෆැමිලි කියා දෙයක් නොමැති වීම බව මා කලින් ලියා ඇති.

ලංකාවට ගොස් ආපසු ගමනේ සිඩ්නි ගුවන් තොටුපලින් එලියට එන විට, මේ එන්නේ නියම ගෙදරට කියා කියන හැඟීම නිකම්ම ඇති වුවා. ඇත්තටම ගෙදර වගේ තැනක් ලොව කොතැනක හෝ නැහැ. එහිදී රේගු නිලධාරියා, අප ඩික්ලෙයා කර තිබූ “කෑම” අතර මොනවාද තියෙන්නේ කියා ඇහුවහම, අනික්වා ගැන කරදර වෙන්න එපා, ගෙනත් තියන එක දෙයක් මා පෙන්වූවා. අද අප කිසි දෙයක් ලංකාවෙන් මිලදී ගන්නේ නැත්තේ වෙන දෙයක් නිසා නොවේ, අපගේ අවශ්‍යතා අවමවී ඇති නිසා. නමුත්, කෙනෙක් ආදරයෙන් දෙන කිසිවක් අප දමා එන්නේ නැහැ. මා පෙන්නුව දේ බලපු රේගු නිලධාරිය, ආ ඔව්ව නම් කමක් නැහැ පලයන් කියා කියුව.

අපරාදේ කියන්න බැහැ, ලංකාවේ ගොඩ බහින විටත් අපට කිසිදා කරදරයක් කර නැහැ. සේරම ස්රේට් ෆොර්වර්ඩ් වගේ. එහි තියන සේවයේ පොදු අඩුපාඩු කම් දියුණු කරන්න හැකි වීම වෙනම කරුණක්. හැබැයි අද ලංකාවට ගොඩ බහින විට ගෙදර එනවා කියන හැඟීමක් එන්නේ නැහැ. එතැනදී වටිනාකමක් ඇති වන්නේ එලියට එක්ක යන්න ඇවිත් ඉන්න කෙනා හා/හෝ එළියේ බලා ඉන්න කෙනා හෝ කෙනාල නිසා.

සාමාන්‍යයෙන් නීති ගරුක අප වැනි මිනිසුන්ට එවැනි උදව් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එවැනි පරිසරයකදී එවැනි උදව් මා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මෙය දෙපිටකාට්ටු කමක් නේද? ඔව්, හැබැයි ඒ උදව් අප ඉල්ලලා ගන්න දේවල් නොවේ. ලංකාවේ ජිවත් වන, ඒ ක්‍රමය දන්නා, අපට ආදරේ පිරිස් දෙන උදව්. ඒ අය උදව් කරන්න, අප ඉල්ලන්න කලින් එන්නේ ඇයි කියන එක, දින දෙක තුනක් ලංකාවේ ගත කරන විට වැටහෙන්න ගන්නවා. මේ තත්වය තව කාලයකින් වෙනස් වේවි.

අපට උදව් කරන පිරිස් තව කතාවක් කියනවා. සාමාන්‍ය පවුල් වලින් නැගී ආ, සිංහලෙන් ඉගෙන ගත්තු අප කොපමණ දුරක් ඇවිත් තියනවද කියන එක. අනෙක් අතට කොතරම් “දුරස්ථ” වුවත් අපගේ ලෙන්ගතු කම නොනැසී පැවතීම. මේ දේ මා මෙයට දශකයකට කලින් එතරම් නොසිතූ කරුණක්.

නැටුම් තැකීමක් නැතුව සින්දුව අහමු!

Advertisements

16 Comments

Filed under Opinion

16 responses to “මව් බිම නැත්නම් මරණය!

  1. ඒවානම් කමක් නැහැ කිව්වේ මොනවද?????

    • ඒ මචං අපේ පුතාගේ ප්‍රියතම කෑමක් වන උම්බලකඩ. අපේ කාම වලින් එයා කන්නේ එය විතරයි වගේ. ඒ වගේම කඩෙත් හැමවිටම ගන්න නැහැ. 🙂

      • Pra Jay

        උම්බලකඩ (අවු 40 ගාණක සිට ) හා බීෆ් ජර්කි (සති 3ක පමණ සිට ) දෙකම මගේ ප්‍රියතම කෑමක්

        • දෙකම මිලෙන් අධික කෑම නේ ප්‍රා. මා ප්‍රිය කරන කොකනට් පානය රස බලන්නවත් බැරි වූවා මෙවර. 🙂

            • අඩෝ අරූ, උඹ ප්‍රා ගේ ජීවිතය කොම්ප්ලිකේට් කරන්න නේද හදන්නේ? 😀

              • මොනවද මචං ඕවා…..ඔෆිස් ගිහිල්ලා එන ගමන් පොඩ්ඩක් දඩයමේ ගිහිල්ලා මස් ටිකක් අරන් ඇවිත් වේලගෙන කන එකනේ 😀
                BACK TO BASICS!!!!!

                • Rangi

                  Wow aru. It’s more complicated thing it seems. Best thing is fire burn stall ( dumak ) we had it our old house n appachchi mostly done the good job with jerk

                  • දැන් ඔය දෙන්නම අහිංසක ප්‍රා ගේ ජීවිතය සංකීර්ණ කරන්න හදනවා. මොනාද රංගි අප්පච්චි දුමේ දැම්මේ? නෙලූ පළා විසිකර මරපු මුවන් නේද? 🙂

                    • Rangi

                      ඔව් වෙන්න ඕනේ. අපේ අප්පච්චිට ගමේ මිනිසුන්ගෙන් මස් හම්බ වුනා. දඩයම් කරපුවා. එයාට කාලා ඉවර කරන්න බැරි ඒවා එයා වේලුවා. ඒ කාලේ අපි දන්නවැයි මේ පට්ට ගාණක් දීලා අද වෙනකොට ගන්න වෙන කෑමක් කියලා ඉතින් අපි ශත පහකට ගණන් ගත්තේ නෑ. කෑවෙත් නෑ.
                      දැන් ඒවා මතක් කර කර හූල්ලනවා.
                      😉

                    • මා නම් රංගි ඔය ජර්කි වලට ආස නැහැ. ඒ වගේම වේලපු මුවමස් යන්තමින් රහ බලල තියනවා. එතරම් ආසාවක් දනවන දෙයක් නොවේ.

                      ඔය පොත් කියවන විට මීපැණි දමපු දඩමස්, වේලපු මුවමස් යනාදිය ගැන කියවෙන විට ඉස්සර රසකර හිතුවත්, ලුණු, ගම්මිරිස් නොමැති එම කෑම ඇත්තටම අපේ දිවට රසයක් ගෙන දේවිද කියා මට සැකයි. 🙂

                    • Rangi

                      මට නම් ජර්කි ඇත්තෙන්ම රහයි. මම අහුවෙච්ච ගමන් ගේනවා කීය වුනත්. රහම එක ඌරු මස් වලින් හදන එක වෙන්න ඕනේ. මෙහේ ගන්න තියෙනවා. ප්‍රායි මායි ඉස්සර මේ ගැන කතා වුනා කොහේ හරි. ජර්කි මිරිස් රහට තියෙන්නේ මම හිතන්නේ මිරිස් හෙම දාලයි වේලන්නේ.
                      මී පැනි දාපු ඒක කෑවේ වැදි පරපුර නේද? මම ඒක කාලා නෑ.

  2. මට නම් ලංකාව තමයි ගෙදර මොන අඩුපාඩු තිබුනත්.

  3. උඹල රටෙන් ගිහින් නැහැනේ. රැකියාවක් තියන තැනක් සොයා ගොස් තියන තාවකාලික ගමනක් නේ. තමන්ගේ ගෙදර කියන එක වේනම් සංකල්පයක් නේ මචං.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s