අදට අවුරුදු දොළහකට කළින්, අද වැනි දිනක තමා, මා මේ බ්ලොග් එක පටාන් ගත්තේ. එදා පටන් මෙහි ලියවී තියන සමහර දේවල් ගැන අද මට එකඟතාවයක් හෝ සමහරවිට ආසාවක් නැහැ. නමුත් ඒ බොහෝ දේවල් මෙහි ඉතිරිව ඇත්තේ මිනිහෙකුගේ සිතිවිළි ජීවිත කාලය සමග වෙනස් වන අයුරු දැනගැනීම පිණිස පමණයි.
සිතිවිළි වෙනස් වන්නේ අපගේ ජීවිතය වෙනස් වන නිසා. එහෙම නැත්නම් අප මේ තැන්වල නැහැනේ. ජීවිතය පිලිබඳ මට අද තියෙන්නේ ශෝකී හැඟීමක්. එයට හේතු විස්තර කරන්න බ්ලොග් නම් හොඳ තැනක් නොවේ.
පසුගියදා මා ලංකාවට ගියහම අපේ මහ ගෙදර තිබුණු පොතක් කියෙව්වා. මට අද සිංහල හෝ වෙන දන්නා භාෂාවකින් පොතක් දිගට කියවන්න හරිම අමාරු දෙයක්. ජීවිතයේ වෙනස් වුනු දේවල් අතර එයත් එක දෙයක්. මා එය ගැන එතරම් එළවන්නේ නැත්තේ, මා මෙහි ලියා ඇති පරිදි, පොත් ගොඩක් කියවන අයගෙනුත්, ඒ පොත් වල තියන දේවල්, ජීවිතයේ පෙනෙන්න නැති නිසා. ඒවත් එතරම් වැදගත් නැහැ. ඒ අනුන්ගේ ජීවිත නිසා.
අර පොත තමා කේ ජයතිලකගේ පුංචිරාල නම් වූ නවකතාව. ජයතිලක මා දන්නා තරම් පොඩි විදිහට උඩට ආපු කෙනෙක්. තනිවම උගත් ඔහු නීති විද්‍යාලයට ඇතුල් වී නීතිඥයකු විදිහට දිවුරුම් දී, රස්සාවට ඒ වෘත්තිය කෙරුවා කියා තමා මා දන්නේ. ඔහුගේ පොත් වල පවා ලිපිනයට දමා ඇත්තේ, කාර්යාල ලිපිනයයි.
පුංචිරාල නවකතාවට පදනම් ව ඇත්තේ, අමාරුවෙන් ජීවිතය ගෙනයන යුවලක්, තමන්ගේ දරුවන් උස්මහත් කිරීමට දරන උත්සාහයත්, දරුවන් ඔවුන් බලාපොරොත්තු වුණු තැන් වලට හෝ එයිට එහා තැනකට ගිය පසුව, ඔවුනට අත්වන ඉරණමත් ගැන. මෙහි කතා නායකයා පුංචිරාල.
පරම්පරාවෙන් අයිති වූ කුඩා ඉඩමකට හා එයට යාබද කුඹුරකට හිමිකම් කියන පුංචිරාල, ගොවිතැන් වැඩ වලට අමතරව පසු කාලයේ මේසන් බාස් වැඩ ඉගෙන ගන්නවා. ඔහුගේ බිරිඳත්, ඔහු වගේම කම්මැලි නැති විරිවිරියෙන් වැඩකරන කාන්තාවක්.
කොතරම් උත්සහවන්ත වුවත් ඔවුනගේ ජීවිත ලෙහෙසි වන්නේ නැහැ. යන්තම් කාල බීලා ජීවත් වෙනවා විතරයි. හැබැයි දරුවන් , එනම් දුවත් පුතත් පාසල් ගුරුවරුන් වෙනවා. මෙය හැට දශකයේ හෝ හැත්තෑව මුළ කතාවක්. ජයතිලක කියන්නට උත්සහ ගන්නේ මා හිතන විදිහට අපගේ ජිවිත වලටත් සමීප, දරුවන් හදපු පසු මාපියන්ගේ ඉරණම හා වියපත් දෙමාපියන්ට සැලකීමට යාමේදී, තමන් අත්කරගත් නව ජීවිතයත්, විවාහ ජීවිතයත් නිසා, දරුවන් මුහුණ දෙන උභතොටිකයන් ගැන කතාවක්.
පොත කියවීම අහම්බයක් වුවත්, එහි කියවුන දේ, මා ලංකාවේ ගත කරපු හා බලන්නට ගිය අපේ පුංචි අම්මලාගේ හා බාප්පලාගේ (හා බලන්නට නොගිය තවත් මාමල හා නැන්දලා ගේ) ජීවිත (හා සමහර විට අනාගතයේ අපගේ ජිවිත) සමග සමපාත වුනේ මා නොහිතූ අයුරින්ම නොවුනත්, අර පොත කියවූ නිසා දැකපු හා අසපු දෙවල් බොක්කට දැනුණා.
එකම දේ, මේ වර මා ලංකාවේ ගත කෙරුවේ සාපේක්ෂව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. මෙහි ගත කරන තරම්ම සෞඛ්‍ය සම්පන්න නොවූවත්, වෙනදට වඩා සුරා සූදු අතහැර, ව්‍යායාම් යම්තරමකට කරමින් සිටිය නිසා, වෙනදාට වඩා කාලයක් සිටියා කියා සිතට දැනුනත්, හැම දාම වගේ අන්තිමට කරන්න හිටිය දේවල් වලින් 50% ක් වගේ තමා නිම කරන්න හැකි වුණේ. එම නිම කරන්න නොහැකි වුන දේවල් අතර සංචාර හෝ හෝටල් වල නවාතැන් නම් නැහැ. ඒවා අද ජීවිතයේ එතරම් වැදගත් දේවල් හෝ ආසාවෙන් කරන දේවල් අතරට අයත් නැති නිසා.
අජන්තා රණසිංහ ලියූ මා ආසා ගීතයක්.
great!
How about people like me who read a lot of books just for entertainment? I read for knowledge and to satisfy curiosity too, but mostly for entertainment.
මම බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් සෑහෙන්න කාලෙකට පස්සෙ ලිපියක් පල කිරීමත් සෑහෙන සතුට දනවන්නක්. ලංකාවට ගිහින් පරන නෑයෙක් හම්බවුනා වගේ තමයි සිත් ගත් පොතක් කියවන්නට ලැබීම. මමත් පුංචිරාල කියවල ලැබුවෙ ඔයිට බොහොම සමපාත හැඟීමක්. සංතෝසයි යලි හමුවීම රයිගම්
Pra, my previous mention about reading in this post was meant purely as a lighthearted joke. I hold no prejudices or judgments regarding people’s preferences for entertainment, including reading. I respect and appreciate the diverse ways in which people find joy and relaxation (as long as those do not interfere lives of other people). 🙂
Gunasinghe, nice to see you here!
මමත් බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. සෑහෙන්න කාලෙකට පස්සෙ ලිපියක් පල කිරීමත් සෑහෙන සතුට දනවන්නක්.x2 🙏👌
මට නං මේ ලිපියේ කියල තියනදේ, සැහැල්ලු විහිලුවකට වඩා ගැඹුරු දෙයක් කියල හිතුනා. මේ, සරල සත්‍යය ගැන, මම බොහෝ වර අසා, කියවා ඇති නමුත්, එක බොක්කටම දැණුනේ, මේක කියවලා ආයෙ ඒ ගැන හිතුවාමයි.
ආයෙ ඉඳලා හිටලවත් ලියන්න. අර කිසිම දෙයක් එක දිගටම කිරීමට ආසාවක් නැති වීම, ශෝකී හැඟීම, සංචාරයට ඇති අකමැත්ත වගේ ඒවායින් ගොඩ යන මාර්ගයක් හොයා ගත්තොත්,අපටත් කියන්න. 🙏
Then the busy years went rushing by us
We lost our starry notions on the way
ඇනෝ වැනි කියවන අය මෙහි දැකීම සතුටකි.
අර ප්‍රා අහල තිබුණු කොටස ගැන මා කියුවේ බස්සෝ. නිම් වළලු නොවේ, නිම් කරාබු හෝ මුදු පුළුල් කර ගැනීම හෝ නොගැනීම පෞද්ගලික කාරියක් නේ.
//ආයෙ ඉඳලා හිටලවත් ලියන්න. අර කිසිම දෙයක් එක දිගටම කිරීමට ආසාවක් නැති වීම, ශෝකී හැඟීම, සංචාරයට ඇති අකමැත්ත වගේ ඒවායින් ගොඩ යන මාර්ගයක් හොයා ගත්තොත්,අපටත් කියන්න.//
ඔව් ලියන්න හිතන් ඉන්නවා. බලමු ඉදිරියට. අනික්වාට උත්තර සොයන එක ලෙහෙසිත් නැහැ. අනික හෙවුවත් කෙනෙකුගේ උත්තර තව කෙනෙකුට වැඩක් නොවන්න තියන ඉඩ වැඩී.
When I listened, this melody sounded very familiar. Then, I discovered that it originated from a Russian song (ha! Ha!!). “We lost our starry notions on the way” indeed resonates with me. I am not sure about the remaining lyrics. 🙂
අර උඩ ඇනෝ වැටුනේ මම දාපු කොමෙන්ට් එකක්.. හදිස්සියේ පොස්ට් කලා මිසක් ඇනෝ තියෙන බවවත් දැක්කෙ නෑ. ඇනෝ උනා නැතා ඒකෙ ලොකු වෙනසක් නැති උනත් පරන යාලුවෙක්ගෙ බ්ලොග් පෝස්ටුවකට නමින්ම උත්තරයක් දාන එකේ පොඩි ගැම්මක් තියෙනවනෙ … නැද්ද මම අහන්නේ??
අර බසු මහත්තයා කියන ඒවැයින් ගොඩ යන මාර්ගයක් හොයාගත්තොත්.. අර ඇට මැස්සා පොතේ අන්තිම පේලිය පොඩ්ඩක් වෙනස් කරලා මෙහෙම කිව්වැකි. ‘එසේ වීනම් මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත බස්සෙක්මි’
කෞශල්‍ය
@Kaushalya
ඔය “ඇට මැස්සා” පොත ගැන බොහෝ අය කියනවා. දැන් නං බලන්නත් හිතෙනවා.
ඇට බස්සා –
අපොයි කියවල බලපන් – සුගතපාල සිල්ව මහත්තයගෙ පරිවර්තනයක්..ඒකම මැදෑ
කියවන වග දැන ගැනීම සතුටක් කෞශල්‍ය!