ධනය අභිජනනය හා එහි අතුරු ඵල


කවුරු මොනවා කියුවත් ධනය හා බලය කියන එව්වා එකට යන දෙකක්. මෙයින් එකක් නැතුව අනික නැහැ. වෙල්ත් ක්රියේෂයන් සමහරු කියන පරිදි නරක දෙයක් කියා මා සිතන්නේ නැහැ. මානව ශිෂ්ටාචාරය හැමවිටම දියුණු වී ඇත්තේ එය නිසා. සූරා කෑමත් එයටම අයිතියි. එනම් ශ්‍රමයේ අතිරික්තය රඳවා ගැනීම. මෙව්වා මට හරි උදාසීන කතා.

අර පුංචිරාල කතාවට නැවත ගියොත්, එහි තියන ධනය අභිජනනය නැතහොත් වෙල්ත් ක්‍රියේෂන් කියන කතාව වැඩිය අවධානයට ලක්වන දෙයක් නොවේ. පුංචිරාල කතාව අවසන් වන්නේ, ඔහු එනම් පුංචිරාල දිවියේ අවසන් අවධියේ දී, පෙර ඔහු අසීරුවෙන් ඉතිරි කරපු රුපියල් හාරසියයක් වගේ ගණනක් ආරක්ෂා කරමින් ජීවිතය ගතකරන අන්දම විස්තර කරමින්.

මේ ගැන ජයතිලක පෙරවදනේ විස්තර කරනවා. යම්කිසි සාහිත්‍ය විවේචකයෙක් මේ අවසානයට ඔහුගේ නොකැමැත්ත හෝ කෝපය පළ කර තිබුණු වග තමා ඔහු විස්තර කරන්නේ. එම විවේචකයට අනුව, හරි නම් පුංචිරාල ආගමට නැඹුරු වෙමින් හෝ එයට සමාන කටයුත්තක් කරමින් කතාව අවසන් කළා නම් හොඳ කියා කියුව වගේ, විවේචනයක් කෙරුවා කියා තමා මගේ මතකය. පොත මා ළඟ නැති නිසාත්, මෙය හරියටම කියන්න මට අපහසුයි.

අර විචාරකයා කතාවේ අවසානයට අකමැති වූයේ මොකද? එය තමා මිනිස්කමේ තියන දෙපිට කාට්ටු බව. ඇත්තමට අප ක්‍රියා කරන අයුරු පිළිගන්න අප කැමති නැහැ. හැබැයි එයින් මිනිසුන් ක්‍රියා කරන අයුරු වෙනස් වන්නේත් නැහැ. අපට මවා පෑම් කර ගන්න පුළුවන්.

පුංචිරාල මා කලින් ලියුවා සේ ඉතා අසීරුවෙන් දිවිපෙවත ගෙන යන කෙනෙක්. පරම්පරාවෙන් අයිති වුනු කුඩා කුඹුරත්, ඉඩමත් වගා කරමින්, එය ජීවත් වීමට නොසෑහෙන නිසා, මේසන් වැඩ කරමින් දිවි ගෙවන කෙනෙක්. හැබැයි ඔහු වෙල්ත් ක්‍රියේෂන් කරනවා. එනම් උපයන කුඩා මුදල හැම විටම ආයෝජනය කරනවා.

එම ආයෝජනය බැංකු පොතේ හෝ කොටස් වෙළඳ පොලේ හෝ දේපොළ මිලදී ගැනීම් නම් නොවේ. එව්වට තරම් මුදලක් ඔහුට හෝ බිරිඳට නැහැ. ඔවුන් දෙදෙනා ආයෝජනය කරන්නේ දරුවන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන්.

බැරිම විට පුංචිරාල කුඹුර උගස් කර පුතාගේ ඉගෙනීම් අවසන් කරන්නට උදව් කරනවා. පුතා ගොඩගිය පසු, ඔහු නංගිටත් ගොඩ යන්නට මග පාදනවා. කුඹුරත් බේරනවා.

සරලව ගත්තහම ඉතා සූර ආයෝජනයක්. හැබැයි ඉතිං ආයෝජනයක් විදිහට දරුවන්ට වියදම් කරනවා කියන්නේ ගඟට ඉනි කපනවා වැනි වැඩක්නේ. එනම් රිටර්න් එකක් බලාපොරොත්තු වනවා නම්.

අර දරුවන් එහෙම නැහැ. ඔවුන් දෙදෙනාම දන්නවා තාත්ත හා අම්ම ඔවුන්ට ගොඩ යන්නට කැපවුණු විදිහ. රිටර්න් ලැබෙන්න පෙර අම්ම මිය යනවා. පුංචිරාල ඉතිරිවුවත්, ඔහු රයිස් ක්‍රැකර් ජීවිතයට ඇබ්බැහි වී අවසන්. එයිට එහා ජීවිතයක් නැහැ.

පසුකාලයේ දරුවන් හා ඔවුනගේ සහකරුවන් හා පුංචිරාල අතර ඇතිවන ගැටුම් හෝ නොගැලපීම් වලට මුල් වන්නේ, පුන්චිරාලගේ රයිස් ක්‍රැකර් ජීවිතයයි.

කතාව අවසානයේ තනියම මහා ගෙදර ජීවත් වන පුංචිරාල, කළුවර කාමරේ කාටවත් නොපෙනෙන පරිදි ගනිමින් හංගන්නේ, ලොකුපුතාට උගන්වන්නට උගස්කරපු කුඹුරේ මුදල් වලින් ඉතිරිව තිබුන සල්ලිත්. වෙල්ත් ක්‍රියේෂන් වල දුක්බර පැත්ත තමා, රයිස් ක්‍රැකර් ජිවිතයේ සිර වීම. හැබැයි ඔවුනුත් සමාජයට බරක් නොවේ.

අතීතය අමතක කරමින්, උජාරුවට වියදම් කරමින් ජීවත් වුවත්, රයිස් ක්‍රැකර් ජීවිතය ගෙවුවත්, සමාජය ඔවුනට බනිනවා. පළමුව අතීතය අමතක කරපු එවුන් කියා, දෙවනුව සල්ලි තියෙත්දී මාර කුම්මැහි පරයන් කියා.

7 Comments

Filed under Lifestyle, Social