“හිස් මොලයට” අබ සරණ යාම! Taking refuge in Mustard or Wasabi!


මා කොතරම් කියුවත් කියවන දෙතුන් දෙනාගේ අදහස් කෙලින්ම කුණු කුඩයට දාන්නේ නැහැ. මගේ කුඩා පාඨක පිරිස නැත්නම්, මගේ බ්ලොගයට පැවැත්මක් ද නැහැ. ඒ විතරක් නොවේ, පදනමක් නැත්නම්, සහායක් නැතුව කිසිම දෙයකට පැවැත්මක් නැහැ. දැන් නැහැ කියල ඉවර කරන වාක්‍ය ගාණ වැඩිවෙමින් යන හින්දා ඇත්තම කතාවට යමුද? දේශපාලනය ගැන ලියන්න එපා කියලනේ මට කියන්නේ. මා කැමති මාතෘකාවක් වන ආහාර ගැන ලියන්නම්.

පොඩි කාලේ අම්ම හදන අච්චාරු මුට්ටිය වහන්නේ පත්තර කොළයකින් නැත්නම් කෙහෙල් කොළයකින්. මෙය ඉවත් කරන විට මුහුණ ඒ අසලින් තිබුනොත් නාසය කඩාගෙන යන සැරක් දැනෙනවා. එයට මුලිකවම බලපෑවේ, අඹරපු අබ හා විනාකිරි වල මිශ්‍රණයයි.

හැබැයි මා ජිවිතයේ මුල් වරට හරියට අබ සරණ ගියේ එක්තරා රටක අගනුවරක, පදික වේදිකාවක කාපු අබ සෝස් සහිත “උණු බල්ලෙක්” ගෙන්. අර කලින් කියපු ලංකාවේ අච්චාරු වලින් යම් අබ සරණක් ගිහින් තිබුනත්, එය කොයි වගේ ද කියල හරියටම දැන ගත්තේ එදා. දැන් නම් අබ සරණ මොනවගේද කියල හරියටම දන්නා නිසා (පෙර සුදානම නිසා) එදා තරම් අමාරුවක වැටෙන්නේ නැහැ.

යේසුස් වහන්සේ නම් කියල තියෙන්නේ අබ ඇටයක තරම්වත් විශ්වාසයක් නැතුව, දෙවියන්ගෙන් උදව්වක් නම් ලබන්න බැහැය කියලා. මට මතක හැටියට අර ළමයෙක් සුව කරන්න බැරිවුන එකට හේතුව වුනේ, එයාට අබ ඇටයක් තරම්වත් ස්වාමින් වහන්සේ ගැන විශ්වාසයක් නොතිබුන නිසා.

බුදු හාමුදුරුවන් නම්, ඔය විශ්වාස නොවේ, නිරීක්ෂණය හා විශ්ලේෂනය කර ගත යුත්තක් තියනවා කියලා තමන්ම තේරුම් ගන්න පුළුවන් කියන දේවල් ගැන තමා වැඩිපුර බරක් යෙදුවේ. එතුමා කියල තියෙන්නේ, “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it” කියා. මෙවැනි තේරුම් ගැනීම් වලට යම් කිසි ඥානයක් අවශ්‍යයි. අබ ඇටයක නොවේ, අබ මල් රේණුවක වත් ඥානය නොමැති හෙවත් ඥාන-අසාර පිරිස් වලට බුදු දහම නැත්නම් බුදු හාමුදුරුවන්ගේ දේශනා ආගන්තුක දෙයක් වීම පුදුමයට කරුණක් නොවේ.

ඒ කතා පැත්තක දමමු. ඔය පොල් සම්බෝලයක් හෝ පරිප්පුවක් තෙම්පරාදු කර ගන්න විටත්, උණු තෙල් වලට අබ ඇට දමලා පුපුරවා ගන්නවා. තරහ ගිහිං ඉන්න වෙලාවට, මුහුණට අබ ඇට දැම්මත් පුපුරවා ගන්න පුළුවන් කියන්නේ ඒකයි. මේ අබ පුපුරවා ගැනිල්ලෙන් අමුතු රසයක් ව්‍යංජනයට හෝ සම්බෝලයට එකතු වෙනවා.

අබ ඇටයක් කියන්නේ ඉතා කුඩා බීජයක්. මේවා කුළුබඩුවක් විදිහට පාවිච්චියට ගැනීම ඉතා ඈත අතීතයට යනවා. අබ අයිති වෙන්නේ Brassicaceae පවුලට. මේ පවුලටම තමා අප එළවලු ලෙස කන ගෝවා සහ බ්රොකලිත් අයිති වන්නේ (බ්රෝකලි මලවල ගන්න විදිහක් මා පසුව ලියන්නම්-ඔබේ අවසරය ලැබෙනවා නම්). හැබැයි අබ හා මිරිස් මගින් අපට ඇතිකරන සංවේදනා වෙනස්. මිරිස් කෑවොත්, සැර දිවට හා උදරයට දැනෙනවා. මා කලින් ලියුවා මිරිස් වල අපට දැනෙන සැර ඇති කරන්නේ කැප්සයිසින් කියන රසායනයයි.

හැබැයි අබ එහෙම නොවේ. අබ සරණ ගියොත් මුලින්ම දැනෙන්නේ නාසයට. අබ විතරක් නොවේ, wasabi සහ horseradish යන ශාක වලින් හදන සෝස් වර්ග වලිනුත් ඇති වන්නේ එකම වගේ සැරක්. හැබැයි අබ ඇට වගේ නොවේ, වසාබි හා හෝර්ස්රැඩිශ් ශාක වල කෑමට ගන්නේ ඒවායේ අලයි. මෙයිනුත් වසාබි කියන්නේ ජපානයෙන් පැවතෙන ශාකයක්. හෝර්ස්රැඩිෂ් පැවතෙන්නේ යුරෝපයෙන් කියා කියවෙනවා.

අබ ඇට හෝ වසාබි අල නිකම් තිබුනට අපට කිසි සැරක් දැනෙන්නේ නැහැ. මේවා වතුර හෝ විනාකිරි සමග අඹරා ගත්ත විට තමා මේ නාසය කඩාගෙන යන සැර දැනෙන්නේ. මෙම ශාක කොටස් වල තියන සමහර රසායනයන්, ඇඹරීම හෝ කැපීම නිසා එන්සයිම සමග මිශ්‍ර වී ජලවිච්චේදනය වීමෙන් අයිසෝතියෝසයනේට් රසායන කාණ්ඩ බවට පරිවර්තනය වෙනවා. “අබ තෙල්” නැතිනම් isothiocyanate කියන රසායන කාණ්ඩයන් වාෂ්පශීලියි. මෙම වාෂ්ප අපගේ නාසයේ හෝ ඇසේ පටක මත පතිත වුනහම තමා අර කඩාගෙන යන සැර ඇති වන්නේ.

මේ අබ තෙල් වල බැක්ටීරියා නාශන ගුණ තියනවා. ඒ වුනත්, මේවා සාමාන්‍ය තත්ත්ව යටතේ ඉක්මනින් වියෝජනය වනවා. ඒකට ප්‍රතිකර්මයක් තමා මෙවැනි සෝස් වර්ග ආම්ලික මාධ්‍යයක ගබඩා කිරීම. ආම්ලික මාධ්‍යයකදී මේවා ස්ථාවරයි. අබ අඹරල විනාකිරි සමග මිශ්‍ර කිරීමේ රහස එයයි. අබ සෝස් හා හෝර්ස්රැඩිශ් ක්‍රීම් වල මාධ්‍යත් ආම්ලිකයි.

මිරිස් වගේ දිව මත ඇතිකරන දැවිල්ලක් වෙනුවට නාසය කඩාගෙන (ඉස්මොල්ලේ) යන සැරක්, මේ “අබ තෙල්” වලින් දැනෙන්නේ ඉහත කරුණ නිසා.

වැඩි දුර කියවීම් http://homecooking.about.com/od/foodhistory/a/mustardhistory.htm

ප ලි
කෙනෙක් අබ සරණ යවනවා කියන්නෙත් මේ වගේ වාෂ්ප කරනවා කියන අර්ථයෙනුත් වෙන්න පුළුවන්. අතීතයේ මනුෂ්‍යයා ගෝත්‍රික ජනයා ලෙසින් ජිවත් වුන වකවානු වල ‘අබ සරණ මංගල්‍යයය’ නමින් වතාවත් කර ඇති වග, ගල් ගුහා වල ඇඳ තිබෙන ප්‍රාථමික චිත්‍ර වලින් පෙනී යන වග ඉතිහාසඥයන් කියනවා. මධු පානයෙන් ඇරඹුන මේ උත්සව, රසමසවුළු වලින් පිරිණු ආහාර සංග්‍රහයකින් පසුව, දේපොළ හා ජිවිත ගිනි දෙවියාට පුද කරපු වතාවත් වලින් අවසන් වූ වග තමා ශිලා ලිපි වලින් දැන ගන්නට තියෙන්නේ.
Capture
හිමාලයේ ගල් ගුහාවක ඇඳි චිත්‍රයක්. මෙහි දැක්වෙන්නේ අබසරණ මංගල්‍යයයේ මුල් අවස්තාවක් විය හැකි බවයි ඉතිහාසඥයන්ගේ මතය.

42 Comments

Filed under Food, Politics, Social

42 responses to ““හිස් මොලයට” අබ සරණ යාම! Taking refuge in Mustard or Wasabi!

  1. මා නම් මුලින්ම ගියේ…… වසබි සරණං ගච්චාමිය………
    භාජනයකට වසබි පවුඩර් දමා….එයට වතුර මිශ්‍ර කර කලවම් කිරීමට යාමේදී …. හුමාලයක් මෙන් සැර නාසය හරහා ගොස් ….. හිස් මුදුනින් පියාබා ගියේය……
    හෙක්….හෙක්…. අබ වගේද වසබි……. අයියෙ …. 🙂 🙂

  2. මල්ලි, මේවා නොකියවනවා නම්, මා වෙන කාට ලියන්නද? මා නම් මුලින් ගියේ අබ සරණයි. ඉනුත් කාලෙකට පස්සේ තමා වසාබි සරණ ගියේ. මේ දෙ සරණට, මධු සරණත් එක් වුනොත් තුන් සරණයි කියා කියන්නත් පුළුවන්. 😦

  3. මචං අර බුදු හාමුදුරුවන්ගේ කියමන වෙනදට ඕක පාලි අනුපානත් එක්ක සාරගර්භ සිංහලෙන් අහනවට වහනවට වඩා හොඳට අවබෝධවුනා කිව්වොත් වරදවා තේරුම් ගන්න එපා.

    මම ඒක කොපි කර ගත්තා. කොහෙන්ද මචං උඹ ඒක ගත්තේ?

    ඒ කියමනනම් මම හිතන්නේ අනිත් සියලුම කියමන් අභිබවා යන එකක්. නමුත් කිසිකෙනෙක් නොකරන්නෙත් ඒක. උන් වහන්සෙගේ අනුගාමිකයෝ පවා.

  4. මචං, ඔය අනුගාමිකයන් කියන පිරිස් ඇත්තටම බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයන්ද? නැත්නම් මස් මාළු නොකන මුත් මිනි මරන්නට “භය” නැති “නම් කියන්නට තහනම්” පිරිස් වල අනුගාමිකයන්ද?

    මෙතනින් ගත්තේ, මචං http://thinkexist.com/quotation/do_not_believe_in_anything_simply_because_you/12103.html

  5. වසබි ශාකය ගලා යන දිය පහරෙ වැවුනම ඉතා ඉහල අගයක් ගන්නා බව ජපන් අය සිතනව ….
    ගම්මාන …දිය ඇල මාර්ග ඇති ප්‍රදේශ වලට ගියාම අදටත්… අමු මාළු /මස් සමග අමු වසබි අල උරච්චි කරල දෙනව….. සෑහෙන වෙනසක් …. ඇත්තටම……
    වසබි & vinigar මික්ස් සෝස් නම් මම දැකල/අහල නෑ ……
    හැබැයි…… රයිගම අයියෙ ……මීගොමුව ඉදල හලාවත පැත්තට යනකං …මුහුදු තීරෙ ගෙවල් වල හදනව හරක්/ඌ රු බිස් ටේක් කියල….. අන්න …. අබ & පොල් vinigar දාල කෑම …… එලස් ….

  6. +++++++++++++++++++++++ 🙂 🙂

  7. මල්ලි මෙහෙමයි, ඔය කඩ වල ගන්න තියන වසාබි සෝස් හෝ හෝර්ස්රැඩිශ් ක්‍රීම් වල මාධ්‍යය විනාකිරි නොවේ. ඒ වුනත් ඒවා ආම්ලිකයි. එයයි මා කියුවේ. ගෙදරදී අබ අඹරණවා නම්, එය විනාකිරි හෝ වෙනත් ඇඹුල් මිශ්‍රනයක කෙරුවොත් අර “සැර” කාලයක් තියා ගන්න පුළුවන් මල්ලි!

  8. Pingback: “හිස් මොලයට” අබ සරණ යාම! Taking refuge in Mustard or Wasabi! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  9. Rohan

    brocolli menu pls!!!!!!!!!

  10. Anonymous

    යෙදුවේ. එතුමා කියල තියෙන්නේ, “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written
    I supposed you have done some mistake It”s could”t be “ethuma” it should be “unwahnse”isn”t it….

  11. kathandarakaraya

    මධු මාධව සරණ නං එදා අළුත්ගම රැස්වීමේ දී තිබුණා. තුන් සරණේ වගේ කවි කිව්වා!

  12. මේක විළි ලැජ්ජ ඇතිව කියන්න පුලුවන් කතාවක් නම් නෙමෙයි.
    “හානේ ලොකු අබ ඇ…ට“ මං තොග කඩේක ගෝනියක අබ ඇට ටිකක් අතට ගන්න කිවුවා.
    “ඔය අබ ඇට නෙමෙයි කුරක්කන්“මුදලාලි කිවුවා .

    මේක ඇත්තටම වෙච්චි දෙයක්.මං ඊට පස්සේ ඒ කඩේට තියා,පාරේ ඒ පැත්තෙන්වත් යන්නැහැ.පාරේ අනිත් පැත්තෙන් යන්නෙත් කුඩෙන් මුණ වහගන.

  13. අබ මල් යායවල් දැකලා තියෙනවද? හරිම ලස්සණයි. 🙂

  14. හිරු

    අපෙ අම්මගෙ මාළු බිස්ටේක් එකේ රහස් වැඩේ අදයි අල්ලගත්තෙ.. මට ඉතිං ඔය අබ පාවිච්චිය එච්චර තේරෙන්නෙ නෑ නේ… මාළු හදන්නත් චාන්ස් එකක් නෑ… අපේ නැන්දම්ම නං අබ දාන්නෙ නැති වෑංජනයක් නෑ… ඒ උනාට මං අබ පේස්ට් එක නං පාවිච්චි කරනව.. පාන් වල ගාන පේස්ට් ජාති හදද්දි…

  15. // I supposed you have done some mistake It”s could”t be “ethuma” it should be “unwahnse”isn”t it….//
    ඒ කියන්නෙ ‘උන්වහන්සේ’ නොකියා ‘එතුමා’ ලිව්වොත් අර නානවහන්සේලා ලියපු එකාව අබ සරණ යවයිද?

  16. එක්තරා අවන්හලකදී කුඩා ටියුබයක ආ සෝස් වර්ගයක් කෑවෙමි. එහිදි මගේ නැහැයට දැනුනු සැර මේ ලිපියත් එක්ක යළිත් මතකයට ආවා. ඒ ටියුබයේ නම මකා දාලයි තිබුණේ. වේටර් වරයාගෙන් ඇසූවිට කීවේ එය ජපානයෙන් ගෙන්වන තම අවන්හලට සුවිශේෂි වූ එකක් නිසා ලේබලය ගලවනවා කියලයි. දැන් මට හිතෙනවා ඒ වසබි වෙන්න ඇති.
    අබ රසයනම් ගමේ සිංහල අච්චාරුවෙන් හොද පදමට රස විද තිබේ. මෙහි විද්‍යාත්මක පසුබිම ගැන ඔබ අපව දැනුම්වත් කළ එක අගෙයි.
    තවත් මං ආසම කෑමක් තමා අබ කොළ සම්බෝලය. මම නං අබ කොළ ගෙදරම හදා ගන්නවා. කඩෙන් ගෙනෙන අබ එක හොදලා වේලෙන්න දානකොට ඒ හොදපු වතුර විසිකරන්නේ වෙනම පාත්තියක් වැනි ස්ථානයකට. සුමාන දෙක තුනකින් අබ පැළ ඇතිවෙනවා.. ටිකක් මොරනකොට කොළ ටික සම්බෛා්ලය නැත්නම් සලාදයට නියමයි. ගොලුබෙල්ලගෙන් මේ පැළ බේරගන්න එක තමා අසිරුම.

  17. කකා, ඉස්සර රූකඩ නැටුම් වලට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ. දැන් මේ කලාව හොඳින් කරන පිරිස් තවත් දකුණට වන්න තමා ඉන්නේ.

  18. මටද නොතේරේ ප්‍රා, මේ මොකක්ද කියන්නේ කියා.

    Ano, could you please enlighten us!

  19. හයියෝ මල්මි, ගනං ගන්න දෙයක් නොවේනේ. ඇත්තටම මිරිස් කුඩු කියා ගඩොල් කුඩු විකුනනවා වගේ, අබ ඇට වලට, කුරක්කන් ඇට එකතු කිරීම සේරිවානිජලා කරන දෙයක්.

  20. නිකං

    ප්‍රා, එහෙම අබ සරණ යවනවනං වෑත්තැවේ හාමුදුරුවන්ව එහෙම අහු වුනොත් උල තියයි.
    මැරුව මුනි මහතා-බුදුබව ලැබෙයි නියතා
    ලේසි කෙලියක්ද බුදුන්ට මහත්තයා කියන්ට?

  21. දොඹ මල් වල නටන බඹරු රැහැන් නම් දැකල තියනවා, ඒත් එක යායට පිදුණු අබ මල් නම් දැකල නැහැ. හැබැයි ඒ වගේම දර්ශනයක් තමා ප්‍රවීනා, කැනොලා යාය වල්. ඒවා නම් නිතර දකිනවා! 🙂

  22. ඇයි හිරු මාළු හදන්න චාන්ස් එකක් නැත්තේ?

  23. නිකං ,
    වෑත්තැවේ හාමුදුරුවන් කවුද ,
    බුදු හාමුදුරුවන්වත් අබ සරණ යවයි “සිංහල බුද්ධාගම” ට විරුද්ධ ධර්මයක් කිව්වොත්

  24. මා කාපු නැති සම්බෝලයක් නේ. බලමු අබ ටිකක් වවන්න. ඔබ කාල තියෙන්නේ වසාබි වෙන්න ඕනේ.
    කෙන්ජිගෙන් අහගෙන ගොළුබෙල්ලන් සම්බෝලයකුත් හැදුවා නම්, ප්‍රශ්නේ ගොඩ නලින්!

  25. ඔබව අමතක කළා නොවේ! 🙂

  26. හරි ඇත්ත ප්‍රා.
    ඔන්න “නානවහන්සේට” ටෝනි ඇබට් විසා ගහල!

  27. දොඹ මල් කැලැවේ බමරුන් ගැයු
    කවියක් වගේ ආ..දරේ කියලා කපුගේ කියනවා.

  28. ඇත්තද.ඒක දැනං හිටියේ නැහැ.
    අබ ඇට වලට කුරක්කන් දාන බවක්.වෙන්න ඇති හැබැයි.සමහර අබ ඇට ගත්තම සැර නැහැ තමයි.අපි අච්චාරු හදන්නේ නම් අබ ඇට අරන් විනාකිරෙන් ගලේ අඹරලා තමයි.අබ පේස්ට් එක ගති නැහැ ගලේ අඹරලා ගැනිල්ල තරම්.

    මේ පොස්ට් එකෙන් නොදන්න කරුනු ගොඩක් දැනගත්තා.මම ඒ වගේ දේවල් කොපි කරන් ගිහින් මගේ පුස්තකාල ගබඩාවට දානවා.
    ස්තුතියි රයිගම්.
    මම ඔයාගේ මුලු බ්ලොග් එකම සම්පුර්නෙන්ම කියවලා වැදගත් දේවල් උගුල්ලගෙන ගිහින් ස්ටෝරුවේ දමන් ඉන්නේ.

  29. මල්මි, මට මතක් වුනේ ඉහත ගීත දෙක! 😀

  30. එවැනි දේවල් මෙහි තියන වග දැන ගැනීමට ලැබීම, ඇත්තටම සතුටක් මල්මි. 🙂

  31. එඩ්වඩ් මම ආසම ගායකයා.හරිම ආදරනිය සිංදු කියන්නේ.අදෝනා නැහැ.ඒත් මේ සිංදුව ඇහුවමයි.

    දෙවෙනි සිංදුවත් මම ආසම එකක්.ඔබයි.

    එක යායට වන මල් යායවල්.මල් පාරවල්.දොළ පාරක ට උඩින් රාස්සිගේ අව්ව(පොඩි කාලේ මගේ කෙස් රන්වන්)මම ආසම වාද්‍ය බාන්ඩේ බටනලාව.මම පැටිි වයසේ හැම සවසකම ඈතින් බට නලා නදක් ඇසුණා.
    සින්දුවේ සිනරි එක තියෙන වත්තකට පොඩි කාලේ ගොහින් තියෙනවා.මට මේ සින්දුව එක්ක මතක් වෙන්නේ ඒ ලස්සන වත්තේ මිහිරි මතකය.
    වත්ත රයිගමට කිට්ටු එකක්.ලස්සන නමක් තියෙන.
    බජට් හදන්න ගිය වත්ත!

    ස්තුතියි සිංදු දෙකට..බොහොමත්ම ..හරිම මියුරුයි..!
    අර මිහිරි මතකය අවදිකලාටත් ස්තුතියි.
    🙂

  32. 🙂 ?????????????????? 🙂

  33. හිරු

    මස් මාළු ගේන්න තහනං කලාපෙක පදිංචිය.. ඒකයි… පතා‌ගෙන ඇවිත් ඔතාගෙන යන කරුම කියන්නෙ මේවට තමා… හි හි

  34. තරහ වෙන්න එපා හිරු මෙහෙම පිළිතුරක් ලියුවට (අද මා ගෙදර). අපි දැන් ඔය රට පුරාම පැතිරුණු රජ පවුලේ ඒකාධිපතිත්වය ගැන ලියනවනේ. එයිට කුඩා ඒකක වලත් තත්වය වෙනස් නැහැ. අපව කුඩා කල සිටා හදන්නෙම ඒකාධිපති රාමුවක් තුල. ගෙදරත්, පාසලේදීත්, ඉන් පිටතත් මේ තත්වයේ වෙනසක් නැහැ.

    කෙනෙකුට නිර්මාංශික වීමට ඇති අයිතියට අප ගරු කරනවා වාගේම, තව කෙනෙකුට මස් මාළු කෑමේ අයිතියටත් අප එසේම ගරු කරන්න ඕනේ. සතෙකුගේ ප්‍රාණය, අපගේ ආහාර වෙනුවෙන් බිලි ගැනීම චර්යාධර්ම විරෝධී වුවත්, බුද්ධිමත් ජීවියෙකු වන මිනිසා, පරිසරයේ හා අනෙකුත් සතුන්ගේ පැවැත්ම උදෙසා විතරක්, තමන්ගේ පැවැත්ම බිල්ලට දෙන්න සුදානම් විය යුතු නැහැ වගේම කවදාවත් එහෙම කරන එකකුත් නැහැ. ඔබ වනාන්තරයක අතරමන් වුනොත්, කන්නට තියෙන්නේ කැරපොත්තන් විතරක් නම්, ඔවුන් කාල දිවි බේරා ගන්නේ නැත්ද? අප එහෙම කරනවා. එහි තර්කයක් නැහැ.

    ඔය කොච්චර කියුවත්, අපේ ප්‍රෝටීන අවශ්‍යතා පිරිමහගන්න වෙන ක්‍රමයක් නැහැ. විශේෂයෙන් සමාජයේ දුප්පත් පිරිස තමා එහෙම වුනොත් වැඩියෙන් බැට කන්නේ. මේ ගැන මා ලියා තියනවා.

    ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය යනු නිවසින් පටන් ගන්න ඕනේ දෙයක්. අපේ නිවසේ නැති දෙයක් කොහොමද එයිට විශාල සමාජයේ බලාපොරොත්තු වන්නේ? මා සමහර දේවල් කන්නේ නැහැ. නමුත් ගෙදර අන් අය වෙනුවෙන් මිලදී ගන්නවා (තනිව කඩේ ගියොත්). ඒ වගේම මා නොකන දේවල්ද උයනවා (අන් අය සඳහා).

    මා දිග පිළිතුරක් ලියුවේ, නිතරම ලියන මහා වෙනස්කම් බලාපොරොත්තු වන අපේ සමාජයේ තියන දෙපිටකාට්ටු කම ගැන යලිත් කියන්න පුළුවන්කම ලැබුන නිසා. මා ඇත්තටම බලාපොරොත්තු වෙනවා, යම් දිනයක හෝ ඔබ කන්න කැමති දෙයක්, ඔබට ගෙදරදීම උයා ගන්නත් පුළුවන්කම ලැබේවිය කියා. 😦

  35. අබමල් යායවල් හරිම ලස්සනයි….හින්දි චිත්‍රපටිවලට නම් කියාපු තැන් ලව් සෝන්ග් එහෙකට .අබ සරණයි කියන්න හිතෙන්නේ නැහැ ඒ ලස්සනට.

  36. මේ මස්ටඩ් කොළ නොයෙකුත් විදිහට හදන්න පුළුවන්. ඉංදියන් අය හරියට කනවා. සාග් කියලා කියන්නේ. කොටේජ් චීස්, ක්‍රීම් එක්ක වුනත් හොඳයි.

  37. අබ සරණයි මචෝ….

    රෝස්ට් බීෆ් විත් හොස් රැඩිෂ් සෝස් තමයි නැගලා යන්නේ. රෝස්ට් පෝක් වලට හදාගන්න පුළුවන් මස්ටඩ් ෆ්ලේවර්ඩ්, බ්‍රවුන් සෝස් බේස්ඩ් සෝස් එකක්. ඒකට කියන්නේ සෝස් රොබේ කියලා (Sauce Robert)
    අනිත් එක මචන් චිකන්, පෝක් හදන්න පුළුවන් ඔරියෙන්ටල් ෆ්ලේවර් එක ටච් කරලා..ඒ වුනාට ඉන්ග්ලිෂ් මස්ටඩ් පේස්ට් එකෙන් ගන්න පුළුවන් හොඳ මස්ටඩි ප්ලේවර් එකක්. හැදුවාම කහ පාටයි…නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් වගේ එකකට සයිඩ් ඩිෂ් එකකට මරු.

  38. උඹටත් එසේම වේවා මචෝ!
    මේක උඹ නියමෙට රසවිඳලා වගෙයි. ඔය තියෙන්නේ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස්. මා නම් මචං අබ සරණ යනවා අඩුයි.
    බලමු උඹ කියන විදිහට කරකවල ගන්න. අර අබ මල් යාය වගේම තමා මචං, කැනොලා යාය වල්. දැන් මෙහෙ වවන කැනොලා සමහරක් GM. නමුත් මල් පිපුනම ඔය හින්දි ෆිල්ම් වලට ගන්න පුළුවන්. 😀

  39. Fusion cooking……Fusion thinking 😀

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.